Breaking News

Wallis කැන්ටනයේ ඛේදවාචකය ත්‍රස්ත ප්‍රහාරයක් නෙමෙයි.

අපේ රෝහල්හී ධාරීතාවය සම්පූර්ණයෙන්ම යටපත් වී ඇත. Wallis කැන්ටෝන් ආන්ඩුවේ සභාපති Mathias Reynard කදුළු සඟවමින් එසේ පැවසූවේ අද පෙරවරුවේ පැවති පුවත් පත් සාකච්චාවක්දිය.

අද 2026 .ජනවාරි 01 දා අළුයම 1:30 ට පමන නව අවුරුදු උදාව සැමරීමකට වලීස් ප්‍රාන්තයේ සංචාරක කලාපයේ බාර් එකක හරගත් පිපිරීමකින් පුද්ගලයින් 47 ක් මියගොස් , 115 දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරූ බව වාර්තා වුනා .

හදීසි සහ විශේෂ ප්‍රතිකාර සදහා තුවාලකරුවන් වෙනත් ප්‍රාන්ත රෝහල් වෙත හෙලිකොප්ටර් මගින් ප්‍රවාහනය කර ඇත.

පිපිරීම ” ප්‍රහාරයක් ” නොවන බවත් ගින්නට හේර්තුව තාම නිෂ්චිතව කිව නොහැකි බවත් වලිස් ප්‍රාන්තයේ නීතීපති පවසයි.

ගින්න හටගෙන තිබුනේ බිම් මහලක පිහිටි බාර් එකක් තුලය . Crans-Montana (Schweiz) Le Constellation“ පිපිරීමෙන් හටගත් ගින්න  ඛේදවාචකයක්. මෙවැනි අනතුරක් ස්වීට්සර්ලන්තයේන්  වාර්තා නොවන බව පැවසෙනවා. මියගිය සහ බරපතල තුවාල ලැබූවන් බහුතරය වයස අවුරුදු 16 ත් 25 ත් අතර පසුවන්නන් වන අතර ඒ අතර විදේශිකයින්ද වෙයි.

අද දින 2026 වසර සදහා ස්විස් පෙඩරල් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස තම නිල කතාව පසුවට කල් තැබූ ස්විස් පෙඩරල් ආන්ඩුවේ ආර්ථික කටයුතු, අධ්‍යාපන හා පර්යේෂණ පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය Guy Parmelin මහතා ඛේදවාචකය සිදුවූ ස්ථානයට ගොස් සිටියේය.

මියගිය සහ බරපතල තුවාල ලැබූවන් හදුනාගැනීම ගැටළුවක් වී ඇති අතර , විපතට පත්වූවන්ගේ සමීපතමයින්ට තොරතුරු කඩිනමින් ලබාදෙන බවයි බලධාරින් පවසන්නේ.

සරත් මද්දුමගේ

leave a reply