Breaking News

පරිසරවේදීන්ගේ විරෝධතා නොතකා ඉදිකරන යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගනය වතුර වලක් වෙලා

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා වෙන් කරන ලද ඉඩම මෑත කාලීන ගංවතුර සමයේදී ජලයෙන් යටවී ඇති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් පවසාතිබේ.

“ඒ ඉඩම ජලයෙන් යටවී ඇති අතර පරිසර විශේෂඥයින් පවසා ඇත්තේ එම ඉඩම ක්‍රිකට් ක්‍රීඩාංගණයට සුදුසු නැති බවයි. එබැවින් ව්‍යාපෘතියට විරෝධතා කිහිපයක් මතුවී තියෙනවා,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ හත්වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වෙනුවෙන් වූ මුල්ගල මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තබන ලදී.

ක්‍රීඩාංගනය අක්කර 48 ක ඉඩමක ඉදිකිරීමට නියමිතව තිබුණි.

මෙම ක්‍රීඩාංගනය පසුගිය ව්‍යසන කාලසීමාවේ ගංවතුරින් යටවූ බව පෙන්වන වීඩියෝ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ. සුමන්තිරන්ගේ ප්‍රකාශය හරහා එය නැවතත් සනාථ වී තිබේ.

මෙම ක්‍රීඩාංගනය සඳහා මුල්ගල තබන මොහොතේ පරිසරවේදීන් සඳහන් කරනු ලැබුවේ මෙය ඉදිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවෙන බවයි. එය හේතු ලෙස ඔවුන් දැක්වුවේ මෙම ව්‍යාපෘතිය සංවේදී පරිසර පද්ධතියක පිහිටීම, ගංවතුර ඇතිවීමේ හැකියාව සහ පාරිසරික නීති උල්ලංඝනය කිරීමක් සිදුවීමයි.

leave a reply