පරිසරවේදීන්ගේ විරෝධතා නොතකා ඉදිකරන යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගනය වතුර වලක් වෙලා

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා වෙන් කරන ලද ඉඩම මෑත කාලීන ගංවතුර සමයේදී ජලයෙන් යටවී ඇති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් පවසාතිබේ.

“ඒ ඉඩම ජලයෙන් යටවී ඇති අතර පරිසර විශේෂඥයින් පවසා ඇත්තේ එම ඉඩම ක්‍රිකට් ක්‍රීඩාංගණයට සුදුසු නැති බවයි. එබැවින් ව්‍යාපෘතියට විරෝධතා කිහිපයක් මතුවී තියෙනවා,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ හත්වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වෙනුවෙන් වූ මුල්ගල මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තබන ලදී.

ක්‍රීඩාංගනය අක්කර 48 ක ඉඩමක ඉදිකිරීමට නියමිතව තිබුණි.

මෙම ක්‍රීඩාංගනය පසුගිය ව්‍යසන කාලසීමාවේ ගංවතුරින් යටවූ බව පෙන්වන වීඩියෝ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ. සුමන්තිරන්ගේ ප්‍රකාශය හරහා එය නැවතත් සනාථ වී තිබේ.

මෙම ක්‍රීඩාංගනය සඳහා මුල්ගල තබන මොහොතේ පරිසරවේදීන් සඳහන් කරනු ලැබුවේ මෙය ඉදිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවෙන බවයි. එය හේතු ලෙස ඔවුන් දැක්වුවේ මෙම ව්‍යාපෘතිය සංවේදී පරිසර පද්ධතියක පිහිටීම, ගංවතුර ඇතිවීමේ හැකියාව සහ පාරිසරික නීති උල්ලංඝනය කිරීමක් සිදුවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...