දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර තිබෙන බවත්, සංවේදී පුද්ගලයින් වැඩි අවධානයකින් ක්‍රියාකළ යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ තිබෙනවා.
ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.






