ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned) බොහොම වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසා තිබේ.

මෙයින් වැඩිපුර පීඩාවට පත්ව සිටින්නේ පහළ මධ්‍යම පංතිය බව කී ජනාධිපති ලේකම්වරයා එම බදු අය කිරීම අඩු කරගතයුතු බවද සඳහන් කර ඇත.
ජනාධිපති ලේකම්වරයා මේ බව කීවේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට කොළඹදී සහභාගී වෙමිනි.

ජනාධිපති ලේකම්වරයාට ලංකාවේ ජනතාව මුහුණදෙන විශාලම ප්‍රශ්නයක් අමතකවී අතුරු ප්‍රශ්නයක් පමණක් පෙරට ගන්නේ කුමක් හෝ අමතකවීමේ රෝගයක් නිසාද යන ප්‍රශ්නය මතුවේ.

ලංකාවේ විශාලම ප්‍රශ්නය වන්නේ රජයේ බදු ආදායමෙන් විශාලම කොටස වක්‍ර බදු මත තීරණය වීමයි. ඒ අනුව සෑම භාණ්ඩයකට හා සේවාවකටම බදු ගෙවීමට ජනතාවට සිදුව තිබේ. එම ප්‍රමාණය රාජ්‍ය බදු අදායමෙන් සියයට 80ක් බව නොරහසකි. ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයකට අදාළ වක්‍ර බදු අඩුකරන බව පොරොන්දු වෙන්නේද ජනතාවට දැරිය නොහැකි බදු ප්‍රමාණය ගැන සිතා විය යුතුය. දැන් ආණ්ඩුවට එම පොරොන්දුව අමතක වී ඇති සේම ඇත්ත ප්‍රශ්නය යට ගැසීමේ උත්සාහයකද නිරත වෙමින් සිටින බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...