ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned) බොහොම වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසා තිබේ.

මෙයින් වැඩිපුර පීඩාවට පත්ව සිටින්නේ පහළ මධ්‍යම පංතිය බව කී ජනාධිපති ලේකම්වරයා එම බදු අය කිරීම අඩු කරගතයුතු බවද සඳහන් කර ඇත.
ජනාධිපති ලේකම්වරයා මේ බව කීවේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට කොළඹදී සහභාගී වෙමිනි.

ජනාධිපති ලේකම්වරයාට ලංකාවේ ජනතාව මුහුණදෙන විශාලම ප්‍රශ්නයක් අමතකවී අතුරු ප්‍රශ්නයක් පමණක් පෙරට ගන්නේ කුමක් හෝ අමතකවීමේ රෝගයක් නිසාද යන ප්‍රශ්නය මතුවේ.

ලංකාවේ විශාලම ප්‍රශ්නය වන්නේ රජයේ බදු ආදායමෙන් විශාලම කොටස වක්‍ර බදු මත තීරණය වීමයි. ඒ අනුව සෑම භාණ්ඩයකට හා සේවාවකටම බදු ගෙවීමට ජනතාවට සිදුව තිබේ. එම ප්‍රමාණය රාජ්‍ය බදු අදායමෙන් සියයට 80ක් බව නොරහසකි. ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයකට අදාළ වක්‍ර බදු අඩුකරන බව පොරොන්දු වෙන්නේද ජනතාවට දැරිය නොහැකි බදු ප්‍රමාණය ගැන සිතා විය යුතුය. දැන් ආණ්ඩුවට එම පොරොන්දුව අමතක වී ඇති සේම ඇත්ත ප්‍රශ්නය යට ගැසීමේ උත්සාහයකද නිරත වෙමින් සිටින බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...