අනුර ‘Newsweek’ සමඟ කළ සාකච්ඡාවේදී ‘ඩිට්වා’ සම්බන්ධ විවේචනවලට ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ ආපදා සූදානම සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන්හි අඩුපාඩු පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ , දිගුකාලීන දුර්වලතා ඩිට්වා සුළි කුණාටුව මගින් හෙළි කළ දුර්වලතා ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

‘නිව්ස්වීක්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර තිබුණි.

ජනාධිපතිවරයා පැවසුවේ විනාශය කොතරම් වැඩි වුවද රාජ්‍ය ප්‍රතිචාරය ක්ෂණික වූ බව යි.

සුළි කුණාටුව සම්බන්ධ දේශීය පෙර සූදානම, ක්‍රමවත් ආකාරයෙන් ඉඩම් භාවිතා කිරීම සහ සහන සැපයීමේ වේගය පිළිබඳ දුර්වලතා හෙළි වී ඇති බව ඔහු ඔහු පිළිගෙන තිබේ.

රටේ ආපදා කළමනාකරණ පද්ධති පිළිබඳ පුළුල් සමාලෝචනයක් රජය දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ඒ අනුව වැඩිදියුණු කළ සම්පත් සහ තීරණ ගැනීමේ බලය සහිත ජාතික ආපදා කළමනාකරණ අධිකාරියක් නිර්මාණය කිරීම රජය අරමුණු කරගෙන සිටියි.

“ශ්‍රී ලංකාවේ පූර්ව නිරීක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති – විශේෂයෙන් තත්‍ය කාලීන කාලගුණ දැනුම්දීම් සහ ප්‍රජා අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණ – වැඩිදියුණු කළ යුතුය,” ඔහු පැවසීය.

බලපෑමට ලක් වූ සෑම දිස්ත්‍රික්කයකම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීම, ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සම්පූර්ණ හමුදා සහ පොලිසිය යෙදවීම සහ “වේගයෙන් ප්‍රතිචාර දැක්වූ” ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධීකරණය ඇතුළු ගත් ක්ෂණික පියවර කිහිපයක් මෙහිදී අනුර කුමාර දිසානායක ඉස්මතු කර තිබේ.

ඉදිරිය දෙස බලන විට, ඔහු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ගෙනහැර දැක්වීය: පුරෝකථනය සඳහා වැඩිදියුණු කළ රේඩාර් ආවරණය, අධි අවදානම් කලාපවල ගලවා ගැනීමේ උපකරණ සහ අත්‍යවශ්‍ය සැපයුම් පූර්ව ස්ථානගත කිරීම සහ මධ්‍යම කඳුකරයේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ සිතියම්ගත කිරීම.

හානියේ පරිමාණය – විශේෂයෙන් නායයෑම් වලින් – සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත ඒවා නොවන බව ද ඔහු පිළිගෙන තිබේ. “දේශගුණික විපර්යාස සමඟ, මෙම පරිමාණයේ විනාශය කාලයාගේ ඇවෑමෙන් අපේක්ෂා කළ යුතුව තිබුණා. නමුත් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ඒ සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට සමත් වී නැහැ.”

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...