ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත.
IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතය.
මේ අතර අද දිනයේ මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම වසර සදහා වන තෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සදහා පැවති සැසිවාරවලදී පුද්ගලයින් 500 දෙනෙකු පමණ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බව මහජන උපයෝගීතා කොමිසම පැවසූ බවයි.
6.8%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය යෝජනාවලිය පසුගියදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව මෙම විදුලි ගාස්තු වැඩිකිරීම පැමිණෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා අනුවයි. ණය මුදල් අනුමත කෙරෙන්නේ එම එකඟතා සපුරන්නේ නම් පමණි.
මේ අනුව දකුණු ආසියානු කලාපයේ වැඩිම විදුලි බිල ඇති රට නම් සීමාවෙන් තවත් ඉදිරියට යාමට අපට හැකිවනු ඇත.
මේ අතර අද දිනයේම වාර්තා කර තිබූ තවත් පුවතකින් වාර්තා කර තිබුනේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර පැවති විශේෂ හමුවක් අවස්ථාවේ IMF නියෝජිතයින්ට තම අමාත්‍යංශ කාර්යාලය ඉදිරිපස ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුව සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා විසින් පෙන්වා දී ඇති බවත් එම පුවරුවේ සඳහන් වැකියෙන් IMF නිලධාරීන් අතිශයින් සතුටට පත්ව ඇති බවත්ය .
” ඔබ මේ පිවිසෙන්නේ අල්ලස හෝ දුෂණයෙන් තොර රාජ්‍ය ආයතනයකටය ” යයි එම පුවරුවේ සටහන් වේ.
මෙහි ඇති උපහාසය වන්නේ ආණ්ඩුවේ අල්ලස සහ දුෂනය පිටුදැකීමේ වැඩපිළිවෙල හරහා රටේ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් දිනා දීමට අපොහොසත් ව තිබීමයි. ආණ්ඩුව තව තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීම වෙනුවෙන් ජනතාව විදුලි බිල වැඩිකිරීම වැනි ජනතාව මත බර පටවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටියි.
ඒ අනුව සුනිල් හඳුන්නෙත්තිගේ අමාත්‍යංශයේ ඇති පුවරුව බලා සතුටු විය හැක්කේ ජනතාව නොව IMF නියෝජිතයන්ට පමණක් බව පැහැදිලිය.