උක්ගොවී ප්‍රශ්නේ විසඳීම වෙනුවට සෙවනගල විකිණීම

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසා තිබේ.

ඔහු මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළා.

”සෙවණගල සීනි ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අරමුණ තියෙන්නේ රජයේ ආයතනයක් ලෙස මේක පවත්වාගෙන යන්න. නමුත් මේකේ තියෙන ඉඩම් වලින් සහ උපයෝජනය නොවුණු සම්පත්වලට පෞද්ගලික ආයෝජන කැඳවන්න කියලා එකඟතාවයකට අපි ඇවිත් තියෙනවා. රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවයකට ගිහින් මේකට අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්ද කියලා බලනවා සීනි කර්මාන්තය වැඩිදියුණු කරගන්න කියලා. ඒ ප්‍රතිපත්තියම තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ අනෙකුත් ව්‍යාපාරවලටත් තියෙන්නේ. ඒවා අද තියෙන තත්ත්වයෙන් එහාට ගන්න නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයට යන්න ඕන කියන ප්‍රතිපත්තියේ තමයි අපි වැඩ කරන්නේ.”

මෙම සීනි කම්හල, 1985 දී ශ්‍රී ලංකා සීනි සංස්ථාව යටතේ ආරම්භ වී ඇත. වරින්වර පුද්ගලික අංශයට පැවරුන කම්හල වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ රාජ්‍ය ව්‍යවසායක් ලෙසිනි.

සෙවනගල සීනි කම්හලට සපයන උක් සඳහා එම සමාගමෙන් අය විය යුතු මුදල් දිගින් දිගට ම ප්‍රමාද වීම, තම සැපයුම් වලට ලැබෙන මිල ගනන් ප්‍රමානවත් නොවීම සහ උක් මිල දී ගැනීම වරින් වර නතර කිරීම ආදී හේතු මත, සෙවනගල ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත උක් ගොවීහු සහ ඔවුනගේ දරු පවුල් බරපතල අර්බුදයකට මුහුන දී සිටියි .

සීනි සම්බන්ධව මෙම ප්‍රශ්නය පැන නැගීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මත සීනි මත අයකරන වැට් බද්ද වැඩිවීම නිසා දේශීය සීනි මිල ඉහළ යාමයි. දැන් නැවතත් ආණ්ඩුව සූදානම් වෙන්නේ එම ප්‍රශ්නයට විසදුම් ලබාදීම වෙනුවට තවත් ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...