වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේදී ඇති වූ ගැටුම්වලදී මියගිය හෝ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදල් පිරිනැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව, රාජකාරියේ නියුතු ව සිටියදී මියගිය නිලධාරියකු වෙනුවෙන් රුපියල් මිලියන 5ක වන්දියක් ගෙවනු ලබන අතර, ස්ථිර ආබාධිත තත්ත්වයන්ට මුහුණ දුන් නිලධාරීන්ටද රුපියල් මිලියන 5 බැඟින් හිමි වේ.

එමෙන්ම, සියයට 100ක ආදායම් උපයා ගැනීමේ හැකියාව අහිමි වන අන්දමේ අර්ධ ආබාධිත තත්ත්වයන්ට ලක් වූ නිලධාරීන් සඳහා රුපියල් මිලියන 4ක් ද, තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයන්ට පත්වූවන් සඳහා රුපියල් මිලියන 3ක් ද වශයෙන් වන්දි මුදල් ගෙවීමට නියමිතය. මෙම වන්දි මුදල් ලබාදීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93 යටතේ ලබාදෙන වන්දියට අමතරව සිදු කෙරෙනු ඇත.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු 3 වැනි දින පැවැති කැබිනට් රැස්වීමේදී පත් කරන ලද කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබේ. මෙම ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වූ බන්ධනාගාර නිලධාරීන් සඳහා සුදුසු වන්දි සහ සහන ක්‍රමවේද නිර්දේශ කිරීම සඳහා අදාළ කමිටුව පත් කර තිබිණි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම සිදුවීමේදී මියගිය රැඳවියන් සම්බන්ධයෙන් එවැනි කිසිදු ආකාරයේ වන්දි මුදලක් ලබා නොදීමයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් පත්කර බන්ධනාගාර පද්ධතියේ පවතින අඩුපාඩු අධ්‍යයනය කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද නිර්දේශ කර තිබේ.

බන්ධනාගාරයේ අධික තදබදය, නිලධාරීන්ගේ හිඟය, රැඳවියන් පරිපාලන කටයුතු සඳහා යොදාගැනීම සහ ආරක්ෂක පද්ධතියේ පැවති දුර්වලතා මෙම ගැටුම් උත්සන්න වීමට බලපෑ සාධක ලෙස කොමිසම පෙන්වා දෙයි. ඒ අනුව මෙම අඩුපාඩු පිලිබඳ රජය වගකිව යුතු අතරම එහි සිටි නිලධාරීන් මෙන්ම රැඳවියන්ගේ ජීවිත සම්බන්ධයෙන්ද රජයේ වගවීම අත්‍යවශ්‍ය වේ. නමුත් ආණ්ඩුව උත්සාහ ගන්නේ එම වගකීම ගැනීම වෙනුවට ජනප්‍රිය මාවතේ ගොස් ඇඟ බේරා ගැනීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...