නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත වර්තමාන ස්වරූපයෙන් ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති ස්වරූපය, පවතින නීතිය සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව අනුමත කළ කෙටුම්පතට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන බව එම සංගමය පවසයි. එම වෙනස්කම් ගැසට් කිරීමට පෙර අදාළ කමිටුව වෙත නැවත ඉදිරිපත් කර නොමැති බව ද එහි සඳහන් වේ.

ඊයේ (21) නිකුත් කළ නිවේදනයකින් එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා පෙන්වා දෙන්නේ, අදාළ පනත් කෙටුම්පත් මගින් අත්අඩංගුවට ගැනීම්, රඳවා තබාගැනීම් සහ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විධායකයට පුළුල් බලතල හිමිවන අතර, සංගමයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සහ ගමනාගමනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් සීමා වීමේ අවදානමක් පවතින බවයි.

ත්‍රස්තවාදයෙන් සහ බරපතළ සංවිධානාත්මක අපරාධවලින් ජනතාව ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමක් බව පිළිගන්නා නීතිඥ සංගමය, එම අරමුණු වෙනුවෙන් ව්‍යවස්ථාමය ආරක්ෂණ දුර්වල කිරීමට හෝ පුද්ගලයන්ගේ නිදහස අහිමි කිරීම සම්බන්ධයෙන් කඩිනම් හා ඵලදායී අධිකරණ අධීක්ෂණය සීමා කිරීමට සාධාරණීකරණයක් නොමැති බව අවධාරණය කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වාදීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් නීතිඥ සංගමය බරපතළ ගැටලු මතු කර තිබේ.

මෙම පනත් නිර්මාණය කළේ කවුරුන්ද යන්න බොහෝ දෙනෙක් මතුකරන ප්‍රශ්නයක් වී තිබේ. මීට පෙර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පිරිසක් ද සඳහන් කලේ පවතින නීතිය සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව අනුමත කළ කෙටුම්පතට වඩා මෙම කෙටුම්පත් වෙනස් බවයි. එසේනම් අලුතින් නව මර්දනකාරී වගන්ති ඇතුළත් කරේ කවුරුන්ද යන සැකය මතුවේ. මෙම පනත් හරහා ප්‍රජාත්නත්‍රවාදය බරපතල තර්ජනයකට ලක්වෙනවා පමණක් නොව මෙම පනත් ගෙන ඒමේ ක්‍රියාවලියම ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයක් ගෙන තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...