හැමතැනම දංසල් දාන්න දෙන්න එපා
හැමතැනම ටොයිලට් අටවන්නත් එපා
මේ දෙකම කරන්න දෙන්න එපා අයියා
පරිසරවේදී සමීර වීරතුංග මේ ආයාචනය කරන්නේවර්තමාන ආණ්ඩුව සමඟ පරිසර අමාත්‍යාංශයේ වැඩ කරන ආචාර්ය රවීන්ද්‍රකාරියවසම්ගෙන්ය. පසුගිය 18 වන දා පරිසර අමාත්‍යාංශය මැදිහත්ව පවත්වනු ලැබූ “කතරගම පාද යාත්‍රාව” පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනේ වීඩියෝව යටින් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුළය.
පරිසරවේදී සමීර වීරතුංගගේ අත්දැකීම සහ අදහස
පාද යාත්‍රාව යනු හුදෙක් සාංස්කෘතික චාරිකාවක් හැර විනෝද චාරිකාවක් හෝ වෙනත් විකාර ගමනක් නෙවෙයි. ඒක ලෝකෙට දැනෙන්නේ එහි සාංස්කෘතික වටිනාකම වැඩිම උනොත් පමනයි. ඒ වගේම මෙවැනි සාංස්කෘතික පාද යාත්‍රාවක් ජාතික වන උද්‍යානයන් හරහා ගමන් කිරීමේදී
ඊට පාරිසරික වටිනාකමක් එකතු කර එහි සාංස්කෘතික වටිනාකම පාරිසරික වටිනාකම වැඩි දියුණු කල යුතුයි.
විශේෂයෙන්ම පොලිතීන් ප්ලාස්ටික් භාවිතය අවම හෝ ශුන්‍ය කිරීම,
පරිසර පද්ධතියට වන හානිය අවම කිරීමයි.
එහෙම නැතුව ඊට නවීන අංග එක්කරමින්ජාතික වන උද්‍යාන දෙක අතර තැනින් තැන දංසල් ඉදිකිරීමත්,ටොයිලට් ඉදිකිරීමත් මෙහි ගුණාත්මකබවට හානියක් මිස වාසියක් නොවේ.එසේම පාරිසරික ගැටලුවක් ද වනු ඇත.
ඔවුන් ඒ අති දුෂ්කර ගමන යන්නේ
අව්ව
දූවිලි තියෙන
වලසුන් කොටි කුලු හරක් අලි ඉන්න කැලේක බව දැනගෙන
වතුර අඩුවෙන්
කෑම පාලනය කරගෙනය.
එසේ ගොස් දුෂ්කර අවසානයකින් හදවතින් ඔවුන්ගේ දෙවියන් යැදීමටය.
ඊට උත්පේරක ඕනවට වඩා සැපයීමෙන් වෙන්නේ මෙහි ඇති ගුණාත්මක බව අඩුවී අයාලේ ඔහේ ඕන එකෙකුට යා හැකි සංචාරයක් වීමයි.
අපේ උන් සිරිපා යන්නෙත්අනුරාධපුර,පොළොන්නරුව මිහින්තලය යන්නේත් සැබෑ බක්තියකින් නොවේ.
කෑම,බීම පහසුකම් ඇති තැත රිලවුන් එකතු වෙනවා සේම මෙලෙස කෑම,බීම,ටොයිලට් සියල්ල ඇතිවිට අනාගතයේ රංචු පිටින් මේ පාද යාත්‍රාව යෑම වැලක්විය නොහැකිය.
අවබෝධයක් ඇතිව තේරුම් ගන්නවා නම් හොදය.ඊට එහා දෙයක් නැත. කිසිදු ආගමකට,ජාතියකට හෝ සාංස්කෘතික ක්‍රියාකාරකමකට ගැරහීමක් නොවේ.
මාත් මේ සංචාරය වරක් ගොස් අද්දැකීම් ඇති අතර දෙවතාවක්ම ගොස් කුණු ඉවත් කර හොඳ අද්දැකීමක්ද ඇත.
Sameera Weerathunga