හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත්ගේ සංචාරයට පෙර මෙම විදුලි බිල වැඩිකිරීම සිදුකර තිබේ. 2005 වසරෙන් පසු IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ප්‍රථම අවස්ථාව වන අතර ඇය විසින් ඒම සංචාරයේ දී රජයේ වගකිවයුතු මූල්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටත්, මුදල් අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) මෙන්ම IMF විසින් ම සම-සත්කාරකත්වය දරන ” Sri Lanka’s Road to Recovery: Debt and Governance ” යන සමුළුවට සහභාගී වීමට අපේක්ෂාකරන බව සඳහන් වේ.
විදුලි බිල වැඩකිරීම කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් පවසයි.
ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ.
ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වේ.
ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි. ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10කින් ඉහළ යනු ලබන අතර එය රු 210ක් බවට පත්විය.
මේ අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ. මේ අතර ඒකක 91 – 120 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රු 360ක්.
ඒකක 121 – 150 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රු 600කි.
ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කට සීමා වෙන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රු 2020කට සීමා වේ.
ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2020 දක්වා ඉහළ ගොස් ඇත.
ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇති.
කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇති.
විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්යය ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනවා.
ඒ අනුව ඉහත කාණ්ඩයේ රු 23ට පවතින ඒකක ගාස්තුව රු 28 දක්වා ඉහළ යනු ලබන අතර, රු 13 කින් පවතින ඒකකය රු 15 දක්වා සහ රු 11 පවතින ඒකකය රු 12 දක්වා රුපියලකින් ඉහළ යන බව සඳහන්.
ඒ අනුව ඒකක ගාස්තු වැඩිවීම ශත 50ත් රු 9ත් අතර, පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, මාසික ගාස්තු වැඩිවීම රු 50ත් රු 100ත් අතර මට්ටමකින් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් පවසා තිබේ
සමස්ත වැඩිවීම බිලියන 276ක් ඉදිරිපත් කර ඇති යෝජනාවක් බිලියන 268කට සීමා කර ඇති අතර, එම ඉලක්කය ළඟා කර ගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සියයට 15කින් ඉහළ දැමූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.