විදුලි පනත නැවත ගැසට් කිරීම විදුලිය විකුණන්න ගහන අලුත් ගේමක්ද?

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර එහි අඩංගු පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් කරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් කර තිබෙන බව පැවසේ.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් වේ.

අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ආණ්ඩුව පසුගිය කාලයේ දිගින් දිගටම පැවසුවේ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නොව ප්‍රතිවියුහගතකිරීමක් කරන බවයි. යොදාගන්නේ කුමන වචනයක් වුවත් සිදුවන්නේ එකම දෙයක් බව බොහෝ දෙනෙකුගේ අදහස විය.

නව විදුලි පනතක් ගෙන එන්නේ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණ කරන අදහසිනි. එසේ නොමැතිනම් පැරණි එකම පාවිච්චි කිරීමට ඉඩ තිබුණි. පනත අහෝසි නොකොට වගන්ති පමණක් ඉවත් කරන්නේ ඇයිද යන්න ගැන මේ අනුව සැක ඇතිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...