කටුනායක නිදහස් වෙළඳ කලාපයේ (FTZ) දිගු කලක් තිස්සේ ඇඟලුම් අපනයනය කරන NEXT ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (20) වන විට දින නියමයක් නොමැතිව වසා දමා දැමීමත් සමඟ සේවකයින් 2,000 කගේ පමණ ජීවිත අනාරක්ෂිතතාවයට පත්ව තිබේ.
1978 සිට ක්‍රියාත්මක වන මෙම කර්මාන්ත ශාලාව බ්‍රිතාන්‍ය ආයෝජන ව්‍යාපෘතියක් වූ අතර එය ප්‍රධාන වශයෙන් ලන්ඩනයට අපනයනය කිරීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කොට තිබේ.
සේවකයන්ට කර්මාන්තශාලාව වසා දමන බව දැනුම් දී ඇත්තේ whatsapp පණිවිඩයක් හරහා බව වාර්තා වේ.
කර්මාන්තශාලා පරිපාලනය විසින් එහි සේවකයින්ට දැනුම් දෙන ලද තොරතුරු අනුව වසා දැමීමේ තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි.
මේ වනවිට , අදාළ පරිශ්‍රය වසා දමා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි යොදවා සිටින බව වාර්තා වේ.
දැනට ලංකාවේ තිබෙන කම්කරු නීතිය අනුව සමාගමක් වසා දැමීමේදී එහි සේවකයන්ගේ කැමැත්ත ලබාගැනීම හෝ කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගැනීමක් සිදුකළ යුතුය. කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගත්තේ නම් ඔහු අදාළ කර්මාන්තශාලාවේ වෘත්තීය සම්තිය සමඟ එය සාකච්ඡා නොකළේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.
මෙම තත්වය සම්බන්ධයෙන් බලධාරීන් සහ කර්මාන්ත නියෝජිතයින් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ආර්ථික අර්බුදයත් සමඟ සමාගම් බංකොලොත් වීම වැලක්වීමට බව කියමින් රජය මගින් විශාල බදු සහන ප්‍රමාණයක් මෙම සමාගම වෙත ලබාදී තිබුණි. එවැනි තත්ත්වයකදී ත් රටේ කම්කරු නීති උල්ලඝණය කරමින් මෙම සමාගම ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වෘත්තීය සමති ක්ෂේත්‍රයේ අවධානය යොමුව තිබේ.