ඖෂධ ගෙන්වීම කල් දැමීම නිසා නැවත ඖෂධ හිඟයක්?

ආණ්ඩුව ඖෂධ ගෙන්වීම කල් දැමීම නිසා මතුව ඇති තත්ත්වය හමුවේ තවත් ප්‍රශ්න රැසක් නිර්මාණය වීමට පටන් ගෙන තිබේ.

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවයි.

“ඖෂධ විශාල සංඛ්‍යාවක හිඟයක් සම්බන්ධයෙන් රෝහල්වලින් වාර්තා වෙනවා. පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. ඒ වගේම රෝහල් පද්ධතියේ ඖෂධ 50කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. තත්ත්වය ඊට වඩා උග්‍ර අතට පත්වෙමින් තියෙන්නේ. ලැබෙන තොරතුරු තමයි ප්‍රතිජීවක, වේදනානාශක, ඒ වගේම ඉන්සියුලීන්වල ගැටලුවක් තියෙනවා. ඒ වගේම හෘද රෝග, අධිරුධිර පීඩනය ආදි රෝගවලට ලබාදෙන ඖෂධ ඒ වගේම ශල්‍යකර්ම සඳහා ලබාදෙන යම් යම් උපකරණවල ගැටලු සමස්තයක් විදියට රෝහල් පද්ධතියේ වගේම ප්‍රාදේශීය වශයෙන් අපිට දකින්න ලැබෙනවා. සමහර ඖෂධ හිඟය රෝහල් පද්ධතිය තුළම තියෙනවා.”

පසුගිය ආණ්ඩුව විසින් කල් දැමුවත් තමන් පත්වූ වහාම ඖෂධ මිලදී ගැනීම සඳහා කටයුතු කළ හැකිව තිබියදී ආණ්ඩුව එය කල් දමමින් තිබුණි. දැන් ඇතිව ඇති හිඟය හමුවේ ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් හෝ ප්‍රමිතිය පරීක්ෂාවකින් තොරව හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් වන බව මෑතකදී වාර්තා විය. දැනට ආන්දෝලනයකට තුඩු දී ඇති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත්තේ මිල ගණන් හා ප්‍රමිතිය පරීක්ෂාවකින් තොරව ඖෂධ ගෙන්වීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...