අම්ෂිකාට යුක්තිය – අවසානයේ අධ්‍යාපන බලධාරීන්ගේ ඇස් ඇරෙයි

බම්බලපිටිය හින්දු කාන්තා විද්‍යාලයේ පාසල් සිසුවියකට අතවර කිරීම සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරයා පොලිස් බී වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අනිවාර්ය නිවාඩු යවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර 07වනදා නිකුත් කළ නිවේදනයකින් පවසා තිබුනේ මෙම ගුරුවරයා පුත්තලම සහිරා විද්‍යාලයට මාරුකර යැවූ බවයි.

මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතුවිය. විශේෂයෙන් පුත්තලම ප්‍රදේශයේ ජනතාවද විරෝධය දක්වමින් පවසා සිටියේ එවැනි සිදුවීමකට සම්බන්ධ ගුරුවරයෙකු තම පාසලකට එවීම තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් බවයි.

කෙසේවෙතත් අවසානයේ අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ. මෙම තීරණය සඳහා බලපෑවේ සමාජ මාධ්‍ය හරහා සහ පාරේ විරෝධතා පවත්වමින් ජනතාව යුක්තිය ඉල්ලා සිටීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...