චෝදනා නොකර ඉවත් වෙමු.

තමා තුල පවත්නා හොඳ ගතිගුණ අනෙක් පාර්ශවයන්ගෙන් එසේම බලාපොරොත්තු වීමත්, එසේ නොවුන කල හිත රිදවා ගැනීමත්,
රිදුනි සිතින් දවස් ගෙවීමත්,
නිශ්ඵලයි.

⚘කෙනෙකු දුකකට කරදරයකදී ඔබේ අවධානය ඉල්ලයි නම්, ඔබේ සවන් දීම බලාපොරොත්තු වන්නේ නම් නොපමාව ඒ දෙන්න.
එහෙත් ඔබට පෙරලා එය එසේම ලැබේ යයි බලාපොරොත්තු නොම වන්න.

උදව්ව කවරාකාර වුවද ඔබට ඒ කල හැකි නම් නොපමාව ඒ කරන්න.
එහෙත් ඔබටත් ඒ ලෙසම ලැබේ යැයි කිසි විටෙක බලාපොරොත්තු නොම වන්න.

⚘ඔබේ හිතේ ලැගුම් ගත්තවුන් වෙනුවෙන් ඔබට දිය යුතු යැයි හැඟෙන සියලු සුන්දර ප්‍රාර්ථනා ඒ ඒ අවස්ථාවේම ලබා දෙන්න.
ඒහෙත්, ඔබත් ඒ හිත්වල උඩින්ම ලැගුම් ගෙන ඇති බව සිතීමෙන් පවා ඉවත් වන්න.

ඔබ හඬද්දී,

ඔබට රිදුන බව වත් නොදන්නා අය,

සිනාසිසී
සැහැල්ලුව,
තම හදවත් තුල
ලැගුම් ගත්තවුන් සමඟ සතුටින් ජීවත් වේ.

ඔබ අනෙක් අයගෙන් ඔබවම බලාපොරොත්තු වී ඒ එසේ නොවන කල්හී දුකින් සිටීම නිශ්ඵල වන්නේ එහෙයිනි.

එසේ වුවද, ඔබේ හොඳ ගති ඔබ තුල තව දුරටත් පවත්වා ගන්න.

දර්ශනී අබේසිංහ

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...