හුලංගමුව බෑ කිව්ව නිසා මුදල් ලේකම් ධූරය රසල් අපෝන්සුට

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව වෙත කළ ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බව පසුගියදා වාර්තා විය.

තමා මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් කිහිපයකම ඉහළ තනතුරු දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව දුමින්ද හුලංගමුව ගේ මතය වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබුණි.

ආණ්ඩුව විසින් නව මුදල් අමාත්‍යංශය ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත රසල් අපෝන්සු ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...