හුලංගමුව බෑ කිව්ව නිසා මුදල් ලේකම් ධූරය රසල් අපෝන්සුට

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව වෙත කළ ආරාධනය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බව පසුගියදා වාර්තා විය.

තමා මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් කිහිපයකම ඉහළ තනතුරු දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව දුමින්ද හුලංගමුව ගේ මතය වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබුණි.

ආණ්ඩුව විසින් නව මුදල් අමාත්‍යංශය ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත රසල් අපෝන්සු ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...