හුලංගමුවට මුදල් ලේකම් කම දෙන්න හදලා

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා නම්කර සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළ බව දේශය පුවත්පත වාර්තා කර තිබේ .

ඔහු මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇතැයි ද එහි සඳහන් වේ.

දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරීමට සූදානමක් ඇතැයි මාස කිහිපයක සිට කතා බහක් පැවතුනි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමේදී වැරදි ලෙස විගණනය කිරීම ඇතුළු දූෂිත ඉතිහාසයක් දුමින්ද හුලංගමුවලාට හිමිය. එවැනි පුද්ගලයෙකු මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත්කර නොකර ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ප්‍රසිද්ධ නිවේදනයක් ද නිකුත්කර තිබුණි.

කෙසේවෙතත් ඔහුම සඳහන් කර ඇති පරිදි ඔහු පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දරන්නේ නම් ඔහු ඔහු ජනාධිපති උපදේශකක කමට පවා සුදුසු නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...