හුලංගමුවට මුදල් ලේකම් කම දෙන්න හදලා

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා නම්කර සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළ බව දේශය පුවත්පත වාර්තා කර තිබේ .

ඔහු මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇතැයි ද එහි සඳහන් වේ.

දුමින්ද හුලංගමුව මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරීමට සූදානමක් ඇතැයි මාස කිහිපයක සිට කතා බහක් පැවතුනි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමේදී වැරදි ලෙස විගණනය කිරීම ඇතුළු දූෂිත ඉතිහාසයක් දුමින්ද හුලංගමුවලාට හිමිය. එවැනි පුද්ගලයෙකු මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත්කර නොකර ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ප්‍රසිද්ධ නිවේදනයක් ද නිකුත්කර තිබුණි.

කෙසේවෙතත් ඔහුම සඳහන් කර ඇති පරිදි ඔහු පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දරන්නේ නම් ඔහු ඔහු ජනාධිපති උපදේශකක කමට පවා සුදුසු නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...