කාන්තා ලිංගික අතවර චෝදනා නිසා ඕමානයේ සේවය කරන ලංකාවේ වෛද්‍යවරයෙකු වන දොස්තර හර්ශන පතිරණ නම් පුද්ගලයාට ඕමානයේ වෛද්‍ය අධිකාරිය මගින් තහනමක් පනවා ඇත අවස්ථා කීපයකදී දොස්තර හර්ශන පතිරණ තරුණ කාන්තා රෝගීන්ට ලිංගික අතවර කල බවට ඔහුට එරෙහිව පැමිණිලි ලැබී තිබේ. කලක් ලංකාවේ සේවය කල දොස්තර හර්ශන පතිරණ මීට වසර තුනකට ඉහත දී ඕමානයේ රැකියාවක් සඳහා විදේශ ගතවූ අයෙකි. රෝගී තරුණ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම පිලිබඳව ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ගනනාවක් බලධාරීන් වෙත ලැබී ඇත. ඔහු ඕමානයේ Ad Duqm රෝහලේ සේවය කරමින් සිටියදී මෙම අතවර සිදු කොට තිබේ. දොස්තර හර්ශන පතිරණ මහා බ්‍රිතාන්‍යයේ කායික රෝග විශේසඥ විද්‍යාලයේ ලියා පදිංචිය නොමැති අයෙකු බවද බ්‍රිතාන්‍ය රාජකීය කායික රෝග විශේසඥ විද්‍යාලය විසින් දන්වා තිබේ. දොස්තර හර්ශන පතිරණ රෝහල් පරිගණක භාවිතා කරමින් සමාජ මාධ්‍ය හරහා සම්බන්ධවී ද කාන්තාවන්ට අතවර කල බවට චෝදනා ලැබී ඇති බවත් එම නිසා අදාල පරීක්‍ෂණ අවසන් වන තෙක් මෙම වෛද්‍යවරයාට රෝහල මගින් තහනමක් පනවා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලයේ දොස්තර හර්ශන පතිරණ පිලිබඳව කාන්තා සංවිධාන කීපයක් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද පැමිණිලි ඉදිරිපත් කොට තිබූ නමුත් ඒ සබැඳිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කිසිදු පියවරක් නොගත් බවත් පැමිණිලි පාර්ශවයන් පෙන්වා දෙති. මේ නිසා ඔවුන් විසින් ඕමාන පොලිසියටද මෙම ලිංගික අතවර පිලිබඳව දැනුම් දෙනු ලැබීය. පසුගිය කාලයේ වෛද්‍යවරු විසින් රෝගීන්ට ලිංගික අතවර කිරීම් වාර්තා වූ අතර මෑතකදී මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 19 හැවිරිදි තරුණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් ද වාර්තා විය.
ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා
