ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා

කාන්තා ලිංගික අතවර චෝදනා නිසා ඕමානයේ සේවය කරන ලංකාවේ වෛද්‍යවරයෙකු වන දොස්තර හර්ශන පතිරණ නම් පුද්ගලයාට ඕමානයේ වෛද්‍ය අධිකාරිය මගින් තහනමක් පනවා ඇත අවස්ථා කීපයකදී දොස්තර හර්ශන පතිරණ තරුණ කාන්තා රෝගීන්ට ලිංගික අතවර කල බවට ඔහුට එරෙහිව පැමිණිලි ලැබී තිබේ. කලක් ලංකාවේ සේවය කල දොස්තර හර්ශන පතිරණ මීට වසර තුනකට ඉහත දී ඕමානයේ රැකියාවක් සඳහා විදේශ ගතවූ අයෙකි. රෝගී තරුණ කාන්තාවන්ට ලිංගික අතවර කිරීම පිලිබඳව ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ගනනාවක් බලධාරීන් වෙත ලැබී ඇත. ඔහු ඕමානයේ Ad Duqm රෝහලේ සේවය කරමින් සිටියදී මෙම අතවර සිදු කොට තිබේ. දොස්තර හර්ශන පතිරණ මහා බ්‍රිතාන්‍යයේ කායික රෝග විශේසඥ විද්‍යාලයේ ලියා පදිංචිය නොමැති අයෙකු බවද බ්‍රිතාන්‍ය රාජකීය කායික රෝග විශේසඥ විද්‍යාලය විසින් දන්වා තිබේ. දොස්තර හර්ශන පතිරණ රෝහල් පරිගණක භාවිතා කරමින් සමාජ මාධ්‍ය හරහා සම්බන්ධවී ද කාන්තාවන්ට අතවර කල බවට චෝදනා ලැබී ඇති බවත් එම නිසා අදාල පරීක්‍ෂණ අවසන් වන තෙක් මෙම වෛද්‍යවරයාට රෝහල මගින් තහනමක් පනවා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලයේ දොස්තර හර්ශන පතිරණ පිලිබඳව කාන්තා සංවිධාන කීපයක් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද පැමිණිලි ඉදිරිපත් කොට තිබූ නමුත් ඒ සබැඳිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කිසිදු පියවරක් නොගත් බවත් පැමිණිලි පාර්ශවයන් පෙන්වා දෙති. මේ නිසා ඔවුන් විසින් ඕමාන පොලිසියටද මෙම ලිංගික අතවර පිලිබඳව දැනුම් දෙනු ලැබීය. පසුගිය කාලයේ වෛද්‍යවරු විසින් රෝගීන්ට ලිංගික අතවර කිරීම් වාර්තා වූ අතර මෑතකදී මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 19 හැවිරිදි තරුණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් ද වාර්තා විය.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...