Breaking News

ආණ්ඩුව තෝරු මෝරු අල්ලන්න බය ඇයි?

ආණ්ඩුව තෝරු මෝරු මගහැර හාල් මැස්සන් පමණක් දැලේ දාගනිමින් සිටින බවට විපක්ෂය චෝදනා නගනු පෙනේ. ආණ්ඩුව හැසිරෙන ආකාරයේ එවැනි ස්වරූපයක් ඇති බවද නිරීක්ෂණය වේ.

විශේෂයෙන් බටලන්ද සම්බන්ධ සිදුවීමේදී ආණ්ඩුව කටයුතු කරන මන්දගාමී ස්වභාවය පුදුම සහගත වේ. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි ආණ්ඩුවක් ලෙස තවමත් ආණ්ඩුව රනිල්ට අත තැබීම සම්බන්ධයෙන් කිසිදු සූදානමක් නැත. මෙහිදී දැකගත හැකි කරුණක් ලෙස තිබෙන්නේ එම දුර්වලතාවය විපක්ෂය විසින් සාර්ථක ලෙස ග්‍රහණය කරගෙන ආණ්ඩුවට ප්‍රතිපරහරයක් එල්ල කිරීමයි.

එයට එක් උදාහරණයක් වන්නේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පැවසීමයි.

ඔහු මේ බව සඳහන් කළේ, බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඊයේ (10) පැවති පළමු දින විවාදයට එක්වෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

රනිල් වික්‍රමසිංහ මහත්තයගේ මයිල් ගහක් හොලවන්නේ නෑ මේ ආණ්ඩුව. මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවෙත් ජනාධිපතිතුමා මේකට කැමති වුණේ නෑ. පුලුවන් නම් ඉලුක්පිටිය පාස්පෝට් ඔෆිස් එකේ ලොක්කා CRP එකේ මාස 6යි, තාම ඇප නෑ. රජයේ නිලධාරියෙක්. මම මේ වටගල මහත්තයට කතා කරන්නේ. ඔහු නීතීඥයෙක්, ඒකයි මම කියන්නේ. නිකන් දෙකයි පනහේ ඇමතිලට කියලා වැඩක් නැහැ. හැබැයි වටාල මේක අහගන්න රාජ්‍ය සේවකයෙක් මාස 6යි, ඉලුක්පිටිය තාම තපිනවා. ඇමති ගිහිල්ලා CID එකට කට උත්තර දීලා ආවා. ඇමතිව අත්අඩංගුවට ගන්නේ නෑ. මෝරුටික ගන්නේ නෑ. හාල්මැස්සෝ ටිකයි ගන්නේ. අද ගත්ත මිනිහෙක්ගෙන් චාමර සම්පත් විතරයි පාර්ලිමේන්තුව නියෝජනය කරන මිනිහෙක්ගෙන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ…

ඔහු මේ ආකාරයට රනිල් වික්‍රමසිංහට අමතරව සඳහන් කරන අනෙක් පුද්ගලයා වන්නේ ටිරාන් අලස් වේ. හැඳුනුම්පත් වංචාව සම්බන්ධයෙන් නිලධාරීන් සිරබත් කද්දී ටිරාන් අලස් කිසිදු අතුරු ආන්තරාවක් රහිතව සිටියි.

තවත් උදහරණයක් ලෙස පවතින්නේ රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුදු සමයේ තමන්ට අල්ලස් කොමිසම වෙත පැමිණිය නොහැකි බවට නිවේදන නිකුත් කර ඇත.

එම කැඳවීම සිදුකර ඇත්තේද චාමර සම්පත්ගේ නඩුවට අදාළව මිස කාලයක් පුරා ඔහුට එල්ලවන චෝදනාවක් වන මහ බැංකු වංචාවට හෝ අනෙකුත් සිදුවීම්වලට නොවේ.

leave a reply