අනුර ගේ ත්‍රිවිධ හමුදා කප්පාදුව ජාතික ආරක්ෂාවට බාධාවක් ද 

පෙබරවාරි 28 වනදා  අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවට සහභාගි වුණා .  එදින විවාදයට ගෙන තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශ වැය ශීර්ෂ . 2030 පමණ වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා .

ඒ අනුව

” මම දැක්කා ආරක්ෂක වියදම් ගැන කියලා තිබ්බා. තව වියදම් කළ යුතුයි කියල. අපි 2030 වෙනකොට අපේ යුද හමුදාව ලක්ෂයකට සීමා කරනවා. ගුවන් හමුදාව 18,000කට සීමාවකට එනවා. නාවික හමුදාව 40,000කට සීමාවකට එනවා. ප්‍රමාණය අඩුවෙනවා. හැබැයි තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම සඳහා අපි වැඩකරනවා”

ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීම අද (28) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පක්ෂව ඡන්ද 88ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 10ක් පමණයි.ඒ අනුව වැඩි ඡන්ද 78 කින් ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සම්මත වුණා

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...