කවුද පාලනය කරන්නේ ?

මම කුඩා දැරියකගෙන් ප්‍රශ්නයක් ඇසුවා.
” ගෙදර පාලනය කරන්නේ කවුද? ” ඇය නිහඬවම බලාසිටියා මා දෙස .
“කියන්න , කවුද ඔයාලව භාරව ඉන්නේ: තාත්තාද අම්මාද ?”
දැරිය මා දෙස බලා සිටියි , ප්‍රතිචාර නොදක්වයි
“ඉතින් ඔයා මට කියන්න ? කවුද ඔයාගේ ස්වාමියා.
ඇය වික්ෂිප්තයි , නැවතත් මා දෙස බලයි.

“ඔබ දන්නෙ නැද්ද පාලනය කිරීම යන්නෙහි අර්ථය?” ඔව් ඇය දන්නවා.
“ස්වාමියා කියන්නේ කාටද ඔයා දන්නේ නැද්ද?” ඒගැනත් ඇය දන්නවා.
ඇය මා දෙස බලා නිහඬය. ඉතිං මම කෝපයට පත් වන්නද ?

නැත්නම් සමහර විට ඇය ගොළුද , අහිංසකි .

එකපාරම ඇය තණ බිමේ ඉහල ඈතට පලා ගොස් සිටියි .
එතැන සිට මා වෙත හැරී සිනාසෙමින් දිව පෙන්නා කෑගසයි:
“කිසිවෙකු පාලනය කළ යුතු නැහැ, අපි එකිනෙකාට ආදරය කානවා නම් !”.

1964 දී ජාන්නී රොදාරි ජනගත කළ පොතක් තියෙනවා “දෝෂ සහිත පොත ” නමින් . එහි කවි කතා හැත්තෑවක් පමණ ඇතුලත් . එම කතා ගොන්න අතරේ එකක් තමයි “කවුද පාලනය කරන්නේ ” කියන කතාව .

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...