අද කැබිනට් මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ඉතාලි රජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීත අමාත්‍යංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල එකඟතාවය ලැබුණු බවයි. එකී ගිවිසුමේ අරමුණු ලෙස සඳහන් වෙන්නේ දේශපාලන ආර්ථික වාණිජ විද්‍යාත්මක සහ සංස්කෘතික අංශ ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කරගෙන මේ දිවිපාර්ශික ගිවිසුමට අත්සන් කිරීමට සිය රජය කටයුතු කරන බවයි .
එමෙන්ම ජනවාරි විසිවෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රජය පියවර ගෙන තිබුණේ ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට එකඟතා පළකිරීමටයි. දෙරට අතර ද්විපාර්ශවික ගුවන් සේවා කටයුතු වලට අදාළ පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය සාකච්ඡා පවත්වා ඇති අතර දෙරට අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතයි. ගිවිසුමට අනුව මගී ගුවන් ගමන් සේවාව සඳහා සතියකට නිශ්චිත කාලසටහන කට අනුව ගුවන් ගමන් වාර 14 ක් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් 7 ක් පවත්වන්නට සැලසුම් සකස් කර තියනවා .