දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 – 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල මොකද උනේ ? කියල අහන අය නොදුටු සහ නොපෙන්වූ ඇත්ත ප්‍රශ්න ගණනාවක් වර්තමාන මෙලෝනිගේ ආණ්ඩුව විසින් සඟවමින් සිටිනවා . ඉන්ධන පිරිවැය වැඩිවීම , හේතුවෙන් කෘෂිකර්මාන්තය මුහුණ දී සිටින ගැටලුවලට පිළිතුරු සපයන්න බැරුව එම අර්බුදයේ සැබෑ තත්ත්වය ලෝකයට වසන් කිරීම සඳහා මාධ්‍ය වෙත නොනිල වාරණයක් යොදමින් කෘෂිකර්මාන්ත සහ සත්ව පාලන ගොවියන් ගෙන යන අරගලය ලෝකයෙන් වසන් කරමින් ඉන්නවා . ඉන්ධන පිරිවැය වැඩිවීම කෘෂිකාර්මික මෙවලම්වල මිල ඉහළ යෑම , සහ තම නිෂ්පාදන වලට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවියන් පාරට බැස්සා .. මේ අරගලයට ට්‍රක් රථ රියදුරන්, ඔලිව් වගාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ වුණා . . ඔවුන් නොකඩවා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් අරගලයක නියැලෙමින් සිටිනවා .

හැබැයි මේ කිසිවක් ප්‍රධාන මාධ්‍යය තුළ ප්‍රචාරය වෙන්නේ නැහැ .. නමුත් අපි දැක්කා මිලානෝ ඇතුළු නගර ගණනාවක පැවති ශිෂ්‍ය විරෝධතාවයේදී සිදුවුණු ගිනි තැබීම් කඩකැඩීම් වැනි ක්‍රියාවන් උලුප්පා දක්වමින් සමාජ මාධ්‍ය තුළත් ප්‍රධාන මාධ්‍යය තුළත් ,youtube අවකාශ තුළත් ශිෂ්‍යයන් පාරට බැස කළ උද්ඝෝෂණයේ සැබෑ හේතුව ඉස්මතු නොකරමින් අවශේෂ වූ කඩාකප්පල්කාරී ක්‍රියාවන් ප්‍රචාරය කරමින් ඉන්නවා .

පොලිසියට මුහුණලා බිම වාඩි වී සිටින මේ මිනිහා බලාපොරොත්තු සුන් වී හඬා වැටෙනවා. ඔහු තවදුරටත් තම දරුවන් පෝෂණය කරන්නේ කෙසේදැයි නොදන්නා බව පවසනවා. ඔහු ප්‍රචණ්ඩ වී නැහැ.. ඔහු කරන්නේ ඉල්ලීමක්. තම පවුල රක්ෂා කිරීම සඳහා උදව්වක්. ඔබ හිතනවාද ඒ මිනිසාට සත්භාවයෙන් මෙලෝනිගෙ ආණ්ඩුව හඬා වැටෙමින් විරෝධය දැක්වූවා යැයි පවසා සහනයක් සැලසුවා කියා. නැහැ! ඒක එහෙම වුණේ නැහැ .

සානුකම්පිතව මැදිහත්වී ඔහුගේ ඉල්ලීම් ලබා දෙන්න ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ප්‍රචණ්ඩත්වය මුදා හැරියා යැයි පවසමින්, තරුණයන්ව ශිෂ්‍යයන්ව මර්ධනය කළා වගේම මේ මිනිසාට මර්ධන අවිය අමෝරාගෙන ඉදිරියට නොගියත් ඔහුගේ ඉල්ලීම කනකට නොගෙන මෙලෝනි ඇතුළු කණ්ඩායම තමන්ගේ ඉදිරි දේශපාලන ඉලක්ක වෙනුවෙන් පොදු ජනතාව මිරිකා දමමින් දේශපාලනය කරමින් ඉන්නවා.

එම පුද්ගලයාගේ හැඬුම තනි ට්‍රක් රථ රියදුරෙකුගේ හෝ ගොවියෙකුගේ හැඩුමක් පමණක් නොවේ – එය ගණන් කළ නොහැකි ඉතාලි ජාතිකයින්ගේ කෑගැසීමකි. ඉතාලිය සම්පූර්ණ අවුල් සහගත තත්ත්වයක අද්දර සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...