Breaking News

නව රජයේ ආශිර්වාදයෙන් උදයංග මත්තලට සංචාරකයන් අරගෙන එනවලු

ශීත සෘතුවෙහි දි Red Wings මත්තලට සංචාරකයන් 68,000 ක් රැගෙන ඒම අද ආරම්භ කරයි.

රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ලෙස මාගේ මැදිහත් වීමෙන්, 2020 දෙසැම්බර් මස 28 දා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට යුක්රේනියානු සංචාරකයන් රැගෙනවිත් කොවිඩ් වසංගතය නිසා සංචාරකයින් සදහා වසා තිබුණු රට නැවත විවෘත කිරීමේ අභියෝගය, අප සාර්ථක කරගත් බව නව රජයට මතක්කර දෙමි.

පසුව නැවතත් මගේ මැදිහත් වීමෙන් 2022 දෙසැම්බර් 28 දා, Red Wings Airlines රුසියානු ගුවන් ආයතනය මත්තල අතර ඍජු ගුවන් ගමන් ආරම්භය කළේය. එහිදී 2022 දෙසැම්බර් 28 සිට 2024 මැයි 12 දක්වා ගුවන්යානා 243 කින් සංචාරකයන් 94,795 ක් රැගෙනවිත් ඇති අතර මත්තල හරහා පමණක් රටට ලැබුණු විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් ඉක්මවා ඇති බව සතුටින් සඳහන් කරමු.

ඒ අයුරින්ම පසුගිය ශීත සෘතුවෙහි දී SkyUP සහ FlyOne ගුවන්යානා මත්තල ගුවන් තොටුපලට මොල්දෝවා, එස්තොනියාව, ලිතුවේනියාව, ලැට්වියාව සහ පෝලන්තය යන රටවල් 5 කින් ගුවන්වාර 67 ක් පැමිණීයේය. ඒ හරහා සංචාරකයින් 8282ක් රැගෙන ආවේය. එහිදී දල වශයෙන් ඩොලර් මිලියන 12.5 පමණ විදේශ විනිමයක් රටට ලැබුණු බව මා විශ්වාස කරමි.

එසේ පසුගිය වසර 04 ආසන්න කාලයක්‌ මත්තල ගුවන්තොටුපලට ප්‍රවර්ධනය කරමින් ඩොලර් මිලියන 200කට වැඩි විදේශ විනිමයක් මත්තල හරහා රටට රැගෙන එමට හැකිවීම අපගේ ජයග්‍රහණයකි. ඒ නිසාම නව රජයේ ආශිර්වාද මැද්දේ එළබෙන ශීත ශ්‍රිතුව ඉලක්ක කර ගනිමින් 2024 ඔක්තෝබර් 28 දා සිට සතියකට ගුවන් යානා 06 කින් රුසියානු සමුහාණ්ඩුවේ මොස්කව්, කසාන්, නොවොසිබිර්ස්ක්, එක්කතරින්බර්ග්, සෝචි සහ සමාරා යන නගර 6 ක සිට ගුවන්යානා 160 කින් සංචාරකයන් 68,000ක් පමණ මත්තල ගුවන්තොටුපලට රැගෙන ඒමට සැලසුම් කර ඇත. මෙම ගුවන් යානා හරහා පැමිණෙන්නේ 99% සංචාරකයන් විම වැදගත් සාධකයක් බවද මා සඳහන් කරමි. එම ගුවන්යානා 160 හරහා පමණක් දල වශයෙන් ඩොලර් මිලියන 102 ක් පමණ විදේශ විනිමයක් රටට ලැබෙන බව අනුමාන කරන අතර පසුගිය වසර 9ක් පුරාම මට එරෙහිව සිදුකරන දේශපාලන පළිගැනීම් නතරකර සාධාරණ විසදුමක් ලබාදීමට දැන් කාලය උදාවී ඇති බව මා විශ්වාස කරමි.

Red Wings Airlines ලාංකික ඒජන්තවරයා ලෙස Tropical Aviation Services කටයුතු කරන අතර මෙරටට සංචාරකයන් රැගෙන එන්නේ “ANEX” සහ “FUN & SUN” යන රුසියානු සංචාරක ආයතනය වන අතර ශ්‍රීලංකාව තුල “Exotic Holidays International” සහ “Aitken Spence Travels” ප්‍රධානතම පහසුකම් සපයන ආයත වන්නේය. මෙම සැළසුම් සාර්ථකව කරගැනීමට මත්තල ගුවන්තොටුපල ලබාදෙන සහයෝගයට ශ්‍රීලංකා රජයට අපගේ ගෞරවණිය ස්තුතිය පළකර සිටිමු.

අංක WZ-3077 දරණ Red Wings ගුවන්යානාව 2024 ඔක්තෝබර් 28දා සවස 16.15ට මොස්කව් දොමොදේදොවා ගුවන්තොටුපලේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට මඟින් 410 රැගෙන පැමිණීමට නියමිතය.

ස්තුතියි!

උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති.

leave a reply