සමාව ඉල්ලා සිටිය යුත්තේ අනුර විතරද?

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජන රැළියේදී පවසා තිබුණි.

දකුණේ මතයට හවුල් නොවුන හොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයේදී පවසා තිබුණි.

රනිල් පවසන්නේ එය යාපනයට මෙන්ම උතුරට ද කළ තර්ජනයක් බවයි. සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට තර්ජනය කිරීම ගැන අනුර කුමාර දකුණෙන් ද සමාව ගත යුතු බව කී ජනාධිපතිවරයා අනුරගේ එම එම ප්‍රකාශය තමා දැඩි ලෙස හෙලා දකින බව සඳහන් කරයි.

අනුර සිදුකළ ප්‍රකාශය වැරදි බවට බොහෝ දෙනෙක් අදහස් දක්වමින් සිටියි. දකුණේ බහුතර පිරිසක් ජාතික ජන බලවේගය සමඟ එකතු වුවද උතුරේ ජනතාවද එලෙස එකතු විය යුත්තේ ඇයිදැයි ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.

දකුණේ සිදුවූ 88/89 අරගලය සිදුවීම වැරද්දක් ලෙස දකින ජාතික ජන බලවේගය උතුරේ යුද්ධයට උදව් දීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ නොකළේ ඇයිදැයි ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.

කෙසේවෙතත් අනුර සිදුකළ යුතු දේ ගැන උපදෙස් දෙන රනිල්ට ඒ සඳහා ඇත්තේ කුමන අයිතියක්ද?

1977 වසරේ සිදුවූ දෙමළ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයන්, 1978 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්මත කිරීම, 1981 යාපනය පුස්තකාලයට ගිනි තැබීම, 1983 දෙමළ ජනතාවට එරෙහි සංහාරය, ඉන්දියානු හමුදා ගෙන්වීම ඇතුළු සුළු ජාතික ජන ප්‍රජාවන්ට එරෙහි පීඩනය කැඳවූ සෑම අවස්ථාවකම රනිල් ආණ්ඩුව නියෝජනය කළ ඇමති වරයෙකි.

ඉතින් දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුත්තේ අනුර විතරද?

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...