මැතිවරණය අස්සේ මන්ත්‍රීවරුන්ට ගිනි අවි බෙදයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා එක් අයකුට රිපීටර් වර්ගයේ බෝර් 12 ගිනි අවි දෙක බැගින් බෙදා දීමට හදිසියේ කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීරගේ අත්සනින් යුතුව ලිඛිතව දැනුම් දී ඇතැයි Lanka Truth වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ගිනි අවි ඉල්ලමු කරන මන්ත්‍රීවරු හට රුපියල් දෙලක්ෂ පනස් අටදහස් දෙසිය දහඅටයි ශත තිස් හයක් (රු.258,218.36), රුපියල් තුන්ලක්ෂ හැට තුන් දහස් එක සිය දාහතයි ශත අසූ නවයක් (363117.89) සහ රුපියල් තුන්ලක්ෂ අසූ හත්දහස් තුන්සිය අසූ හයයි ශත අසූ හතරක් (රු.387,386.84) ආදී වශයෙන් මිල ගණන් තුනක් යටතේ මන්ත්‍රීවරුන්ට තෝරා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

ඊට අමතරව වාර්ෂික ගිනි අවි බලපත්‍රය ගාස්තුව රුපියල් 200ක් සහ පතරොම් බලපත්‍ර ගාස්තුව සඳහා රුපියල් 500ක් අය කරන බව එම ලිපියෙන් දැනුම්දී තිබේ.

ජනාධිපතිවරණය ආසන්නයේදී ලබා දීමට සූදානම් වන මෙම ගිනි අවි ආපසු ලබා නොගන්නා බවද දැනුම් දී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...