මැතිවරණය අස්සේ මන්ත්‍රීවරුන්ට ගිනි අවි බෙදයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා එක් අයකුට රිපීටර් වර්ගයේ බෝර් 12 ගිනි අවි දෙක බැගින් බෙදා දීමට හදිසියේ කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීරගේ අත්සනින් යුතුව ලිඛිතව දැනුම් දී ඇතැයි Lanka Truth වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ගිනි අවි ඉල්ලමු කරන මන්ත්‍රීවරු හට රුපියල් දෙලක්ෂ පනස් අටදහස් දෙසිය දහඅටයි ශත තිස් හයක් (රු.258,218.36), රුපියල් තුන්ලක්ෂ හැට තුන් දහස් එක සිය දාහතයි ශත අසූ නවයක් (363117.89) සහ රුපියල් තුන්ලක්ෂ අසූ හත්දහස් තුන්සිය අසූ හයයි ශත අසූ හතරක් (රු.387,386.84) ආදී වශයෙන් මිල ගණන් තුනක් යටතේ මන්ත්‍රීවරුන්ට තෝරා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

ඊට අමතරව වාර්ෂික ගිනි අවි බලපත්‍රය ගාස්තුව රුපියල් 200ක් සහ පතරොම් බලපත්‍ර ගාස්තුව සඳහා රුපියල් 500ක් අය කරන බව එම ලිපියෙන් දැනුම්දී තිබේ.

ජනාධිපතිවරණය ආසන්නයේදී ලබා දීමට සූදානම් වන මෙම ගිනි අවි ආපසු ලබා නොගන්නා බවද දැනුම් දී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...