Breaking News

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය මැතිවරණයෙන් ජය ලබයි

විවිධ කොන්සර්වේටිව් නායකයින් පස් දෙනෙකු රට පාලනය කළ යුගයක් අවසන් කරමින් කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇත.

2019දී වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය සියවසකට ආසන්න කාලයක් තුළ එය ලද දරුණුතම මැතිවරණ පරාජය අත්විඳිනු ලැබීය. එම පරාජය හමුවේ ජෙරමි කෝබින්ට ඉල්ලා අස්වීමට බල කෙරුණු අතර කියර් ස්ටාර්මර් කම්කරු පක්ෂයේ නායකයා බවට පත්විය.

මෙම මැතිවරණයෙන් කම්කරු පක්ෂය ආසන 410ක් දිනා ඇති අතර කොන්සර්වේටිව් පක්ෂයේ ආසන ගණන 119 දක්වා පහත වැටී ඇත. මධ්‍යවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 71ක් දිනා තිබේ. බ්‍රෙක්සිට් පක්ෂයෙන් පසු බිහිවුණු Reform UK පක්ෂයට ආසන හතරක් හිමිවනු ඇත.

මෙම මැතිවරණයේ බ්‍රෙක්සිට් පක්ෂයේ සහ එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂයේ දක්ෂිණාංශික අනුප්‍රාප්තිකයා වූ Reform UK පක්ෂයේ නායකයා වන නයිජල් ෆෙරාජ් අවසානයේ ඔහුගේ අටවන උත්සහයෙන් පසු ආසනයක් දිනාගෙන තිබේ. නමුත් ඔහුගේ පක්ෂය ආසන 13ක් දිනා ගනු ඇති බවට වූ අපේක්ෂා බිඳ දමමින් එය ආසන 4ක් දක්වා පහත වැටිණි.

කියර් ස්ටාර්මර්ගේ ප්‍රතිපත්ති

ජනසතු කිරීම

ශ්‍රීමත් කියර් බලශක්ති හා ජල සමාගම් ජනසතු කිරීම සම්බන්ධයෙන් වූ ඔහුගේ පෙර යෝජනා අත්හැර දමා ඇත.

කෙසේ වෙතත්, ‘Great British Railways’ නම් නව සමාගමක් යටතේ වසර පහක් ඇතුළත මගී දුම්රිය සේවා සියල්ල ම පාහේ නැවත පොදු අයිතියට පත් කිරීමට ඔහු පොරොන්දු වී තිබේ.

අධ්‍යාපනය

රජයට දැරිය නොහැකි බව පවසමින් ශ්‍රීමත් කියර් විශ්වවිද්‍යාල සිසුන්ගේ උපකාරක පන්ති ගාස්තු අහෝසි කරන බවට වූ ඔහුගේ පෙර ප්‍රතිඥාව අත්හැර දමා ඇත.

ඔහු මැයි මාසයේදී බීබීසීයට මෙසේ පැවසීය: ‘අපි වෙනස් ආර්ථික තත්ත්වයක ඉන්න නිසා අපිට ඒ පොරොන්දුව ඉටු කරන්න බැරි වෙන්න පුළුවන්.’

කෙසේ වෙතත්, ශ්‍රීමත් කියර් පවසන්නේ, බ්‍රිතාන්‍යයේ පෞද්ගලික පාසල් ගාස්තු සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීම කම්කරු පක්ෂය ආරම්භ කරන බව ය.

ඊශ්‍රායලය සහ ගාසා තීරය

2023 ඔක්තෝබර් මාසයේදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ශ්‍රීමත් කියර් ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම්වලට සහ ඔවුන්ට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් සහය දැක්වීය.

මෙය බොහෝ පලස්තීන හිතවාදී ඡන්ද දායකයින් කෝපයට පත් කළ අතර, ඔහු වහා සටන් විරාමයක් ඉල්ලා සිටි කම්කරු මන්ත්‍රීවරුන් විශාල ගණනකගේ බලවත් විරෝධයට ලක් විය.

කෙසේ වෙතත්, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔහු ‘පවත්නා සටන් විරාමයක්’ ඉල්ලා සිටියේ ය. ‘දැන් සිදුවිය යුත්තේ මෙය යි.’

මාර්තු මාසයේ පවත්වන ලද YouGov මහජන මත විමසුමකට අනුව, එක්සත් රාජධානියේ 52%ක පිරිසක් සිතුවේ ඔහු මෙම ගැටලුව දුර්වල ලෙස හසුරුවන බව ය.

ඊශ්‍රායලය හා සම්බන්ධ නෞකා වෙත හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් යේමනයේ එම කැරලිකරුවන්ගේ කඳවුරුවලට එක්සත් රාජධානිය බෝම්බ හෙළීමට ද ශ්‍රීමත් කියර් සහය දුන්නේ ය.

leave a reply