ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37 වන ඉල්මහ විරු සමරුව නොවැම්බර් 14 වන සෙනසුරාදා ඉතාලියේ Brescia හී පවත්වනු ලැබුවා . සෙනසුරාදා සවස 7.00 ට COBAS වෘත්තිය සමිති ශාලාවේදී පවත්වනු ලැබූ සමරුව සඳහා සමරු දේශනය වෙනුවෙන් ලංකාවේ සිට සම්බන්ධ වුණා සංජීව බණ්ඩාර සහෝදරයා.

ඉතාලියේ වෙරෝනා, බ්‍රේෂියා, මිලානෝ යන නගර වල පක්ෂ සාමාජිකයින් සහ හිතවතුන් මිට සම්බන්ධ වී සිටියා

සංජීව බණ්ඩාර සහෝදරයාගේ දේශනයේ සංක්ෂිප්ත අදහසක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර ඉල් මහ සමරුව පවත්වන්නේ “දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදයයි” යන තේමාව යටතේයි . 1971 සහ 1988-89 අරගල හුදු සැමරුම්වලට පමණක් සීමා නොකර, ඒවාට පසුබිම් වූ සමාජ ආර්ථික කොන්දේසි සහ සමාජවාදී අරමුණු සමඟ සාකච්ඡා කළ යුතු බව සංජීව සහෝදරයා දේශනය ආරම්භයේදී ප්‍රකාශ කර සිටියා.

1988-89 අරගලයට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සමාජවාදී අරමුණු අතහැර ධනවාදී සහ නවලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවට පෙන්වා දුන් ඔහු අධ්‍යාපනය හා සෞඛ්‍යය පෞද්ගලීකරණය කිරීම, පාසල් වැසීම, කම්කරු නීති ලිහිල් කිරීම, IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම සහ මර්දනකාරී අණපනත් ගෙන ඒම හරහා වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව ඉල්මහ විරුවන්ගේ අභිලාෂයන් ්‍ ්‍ර ප්‍රතිසංස්කරණවාදී ධනවාදයේ උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන බවට චෝදනා නැගුවා.

1988-89 අරගලයේදී දිවි පිදූ 60,000කට අධික පිරිස හැඟීම් විරහිත හෝ අසාමාන්‍ය පුද්ගලයන් නොව, සාමාන්‍ය මිනිසුන් ලෙස සියලු දෙනාටම යහපත් ජීවිතයක් උදා කර දීමේ උස් බලාපොරොත්තුව වෙනුවෙන් සටන් වැදුණු පරම්පරාවක් . ඔවුන් කල්තියා දුටු පරිදිම 2022 වන විට මෙරට නවලිබරල් ධනවාදය බිඳ වැටී රට බංකොලොත් වූ බව ඔහු සඳහන් කළා.

ගෝලීය ධනවාදය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති වත්මන් යුගයේ පීඩිත ජනතාවට විමුක්තිය උදා කර ගත හැක්කේ සමාජවාදය තුළින් පමණක් බව අවධාරණය කළ ඔහු ඒ වෙනුවෙන් අපහට කළ හැක්කේ ඉල් මහ විරුවන් ගේ අරමුණු යථාර්ථයක් කිරීම සඳහා නිර්ධන පන්තිය සංවිධානය කරමින් සමාජවාදී අරගලය ඉදිරියට ගෙන යාම සඳහා දායකත්වය සැපයීම බව ප්‍රකාශ කරමින් දේශනය අවසාන කළා.

Share post:

Popular

වෙනත් පුවත්

“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස්...

දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදයයි!’

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37 වන ඉල්මහා විරු සමරුවේදී දුමින්ද...

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...