නව වීසා ගාස්තු සංශෝධනයෙනුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා – පුබුදු ජයගොඩ

Date:

නව වීසා ගාස්තු සංශෝධනය නිසා මේ වසරේදී රජයට ඩොලර් මිලියන තිහක් අහිමි වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඔහු පැවසුවේ,

”GBS හා IVS යන ඉන්දියානු වීසා සමාගම් දෙකට ලංකාවට එන සංචාරකයන් හට අන්තර්ජාල වීසා (Online Visa) සහ ගුවන්තොටුපළේදී වීසා (On Arrival Visa) නිකුත් කිරීමේ බලය ලබාදීම නිසා රටට විශාල මුදලක් අහිමි වෙනවා. මීට පෙර යුරෝපීය සංචාරකයකු සඳහා වීසා ගාස්තුව ලෙස අය කළේ ඩොලර් 50ක්. නමුත් පසුව වීසා ගාස්තුව ලෙස ඩොලර් 75ක්, ඉන්දියානු සමාගමේ සේවා ගාස්තුව ලෙස ඩොලර් 18.50ක්, පහසුකම් ගාස්තු ලෙස ඩොලර් 7.27ක් ලෙස ඩොලර් 100.77 දක්වා එය දෙගුණයකින් වැඩි වුණා. මේ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල වීමෙන් පසුව මාස තුනක වීසා සඳහා යුරෝපීය සංචාරකයකුගෙන් අය කරන ගාස්තුව නැවත ඩොලර් 50ක් කිරීමට කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා. නමුත් ඇත්තටම සිදුවී තිබෙන්නේ කුමක්ද? සංචාරකයකුගෙන් අය කරන ඩොලර් 50ක වීසා ගාස්තුවෙන් ඩොලර් 10ක් ඉන්දියානු සමාගමට දෙනවා. සරලවම කියනවානම් මීට පෙර ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුගෙන්ම ඩොලර් 50ක් රජයට ලැබුණා. දැන් ලැබෙන්නේ ඩොලර් 40යි. එන එන සෑම සංචාරකයකු පාසාම ඩොලර් 10 බැගින් ඉන්දියානු සමාගමට දෙනවා. රටේ විදේශ විනිමය ආදායම අඩු වෙනවා. මේ වසරේදී අපේක්ෂිත ලෙස සංචාරකයන් මිලියන 3ක් පැමිණියහොත් රජයට ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා. ඒ මුදල ඉන්දියාවට යනවා. මේ වගේ ඔලමොට්ටල තීරණයක් ගත්තේ කවුද? කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ආර්ථික ඝාතකයෝද? නැතිනම් මේ පිටුපස විශාල කොමිස් වංචාවක් තිබෙනවද? එහෙමත් නැතිනම් මේ මැතිවරණ අරමුදල් සම්පාදන වැඩපිළිවෙළක කොටසක්ද? ඒ කුමක් වුවත් මේ වීසා සිද්ධිය නිහඬතාවයේ ගිල්වා දැමීමට ඉඩ නොදී මෙහි වගඋත්තරකරුවන්ට දඬුවම් දිය යුතුයි. ඒ සඳහා විවෘත මහජන විමර්ශනයක් සඳහා අපි ජනතාවට ආරාධනා කරනවා.”

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...