රුසියානු – යුක්රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික 11ක් මියගිහින්!

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මේ වනවිට ලාංකිකයන් 11 දෙනකු මියගොස් ඇතැයි දැනට අනාවරණය වී තිබේ.

මෙම යුද්ධයට කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික තැරැව්කරුවන් පිරිසක් බව ද, ව්‍යාජ පොරොන්දු දී ඔවුන් රුසියානු – යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් බඳවාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

තවමත් මියගිය සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතවම කරුණු කිව නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

මේ අතර රුසියානු – යුක්රේන යුද්ධයට ලංකාවේ ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගත් පිරිස් සැපයීමේ ජාවාරම ගැන පැමිණිලි ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය හඳුන්වා දුන් දුරකථන අංකයට මේ වනවිට පැමිණිලි 181ක් ලැබී ඇති බවද වාර්තා වේ.

රුසියාවේ පුරවැසිභාවය, ඉහළ වැටුප් සහ තවත් වරප්‍රසාද ලබාදෙන බව පවසමින් මෙම විශ්‍රාමික හමුදා නිලධාරීන් කුලී හමුදාවලට යවා ඇතත් මේ වනතෙක් මියගිය අයගේ පවුල්වලට වන්දි මුදලක් හෝ ලැබී නැති බව වාර්තා වේ.

මේ ආකාරයට ලංකාවේ හමුදාවෙන් විශ්‍රාම ගත් පිරිස් ජීවිත අවදානම නොතකා මෙම කුලී හමුදාවලට එක්වීමට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ ආර්ථික අර්බුදයයි. විශේෂයෙන් ලංකාවේ තමන්ට ලැබෙන වැටුප ණය ගෙවීමට සහ ජීවත්වීමට ප්‍රමාණවත් නොවන නිසා රුසියාවේ කුලී හමුදාවලට බැඳීමට යාමේ සිදුවීම් අල් ජසීරා වැනි පුවත් සේවා වාර්තා කර තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...