ධම්මික පෙරේරාගේ සුළං විදුලි බලාගාරයේ වැඩ ඉදිරියට

මන්නාරමේ මේ වන විට වැඩකටයුතු ආරම්භ කර ඇති HayWind සුළං විදුලි බලාගාරය සඳහා අවශ්‍ය වන අවසාන ටර්බයින තොගය ද ත්‍රිකුණාමල වරායට ළඟා වී තිබේ.

50 MW ධාරිතාවයකින් යුක්ත මෙම සුළං විදුලි බලාගාරයට අවශ්‍ය පළමු ටර්බයින තොගය මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන ආ අතර එම ටර්බයින මේ වන විට අදාළ ස්ථානයේ ස්ථාපනය කරමින් ඇත.

මෙහිදී විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම්ගත වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 0.0465ක මුදලකට (ශ්‍රී ලංකා රුපියල් 14.37) වන අතර එය මෙරට ඉතිහාසයේ සුළං බලයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවනු ලබන අඩුම මිල බව ආණ්ඩුව පවසයි. බලාගාරය සක්‍රීය වීමෙන් පසු පොසිල ඉන්ධන ආනයනය සීමා වන නිසා වසරකට රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට මෙම ව්‍යාපෘතිය හරහා අවස්ථාව උදා වෙතැයි අපේක්ෂා කෙරේ.

ඉකුත් ජනවාරියේ අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කළ අතර 2027 මාර්තු මාසය වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කර 50 MW ධාරිතාවකින් යුත් විදුලියක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.

මන්නාරමේ ඉදිකරන විදුලි බල ව්‍යාපෘති සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. එම ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ ප්‍රගතිශීලී කොටස් මෙම ව්‍යාපෘති සඳහා විරෝධය දක්වමින් ප්‍රකාශ කළේ මේ හරහා විශාල පරිසර හානියක් සිදුවන බවයි. කෙසේවෙතත් ආණ්ඩුව අවසානයේ පොරොන්දු වූවේ දැනට එකඟ වී ඇති සුළං විදුලි බලාගාරවලට අමතරව වෙනත් බලාගාර ඉදිරිකරන්නේ නම් ජනතාවගෙන් කැමැත්ත විමසන බවයි.

HayWind සුළං විදුලි බලාගාරය ධම්මික පෙරේරාට අයත් සමාගමකි. මෙම සමාගමට සුළං විදුලි බලාගාරය ඉදිර්කිරීමට අදාළ ටෙන්ඩරය ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල විය.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...