දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක මිස ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වෙනත් ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බව සභානායක ඇමති බිමල් රත්නායක අද (ඔක්තෝබර් 22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමති බිමල් රත්නායක එසේ පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කරන හෙයින් මාලිමා ආණ්ඩුවද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දැක්ම අනුගමනය කරමින් සිටින බවයි.

සිය ප්‍රතිචාරය දක්වමින් ඇමති බිමල් රත්නායක වැඩිදුරටත් පැවසුවේ දුමින්ද හුලංගමුව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී පසුගිය ආණ්ඩුවල විසින් පත්කළ විවිධ කමිටුවල සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති බව හා කිසිඳු ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බවයි. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කළේ සාගල රත්නායක බවයි.

දුමින්ද හුලංගමුව රනිල්ගේ නොව ගෝඨාභය ආණ්ඩුවේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ බව මීට පෙර අනාවරණය වී තිබුණි. කෙසේවෙතත් ආණ්ඩුව දුමින්ද හුලංගමුව චරිතයට විශේෂ වැදගත් කමක් ලබාදෙන බව නම් රහසක් නොවේ. ආර්ථික උපදේශකට අමතරව ඔහු ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය ද ලබාදුන්නේ එබැවිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...

2025 අයවැයේ 40% ක්‍රියාත්මක කර නැහැ

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු...

ඉතාලියේ සෞඛ්‍යය සහ ආරක්ෂක වියදම්

සෞඛ්‍ය ප්‍රතිපාදන  ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය...

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...