විජයදාස රාජපක්ෂගේ ජනාධිපතිවරණ සිහින මුට්ටිය අද බින්දා සුමතිපාල

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් තමන්ගෙන් ඉල්ලීම් කර ඇති බව විජයදාස රාජපක්ෂ පවසනවා.අධිකරණ ඇමැති විජයදාස මේ බව ප්‍රකාශ කළේ අප්‍රේල් 15 වනදා රාත්‍රියේ අටමස්ථානාධිපති බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මහා සංඝරත්නය ද ඔහුට ජනාධිපතිවරණ සටනට පිවිසෙන්නට කියා ආරාධනා කළ බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්ෂ කියා සිටියේ අද රටේ කිසිදු දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවගේ විශ්වාසයක් නැති බවයි. පක්ෂයකට ජන්දය දෙනවා  වෙනුවට පුද්ගලයා දෙස බලා ජනතාව ඡන්ද ප්‍රකාශ කිරීමට පෙලඹෙන බව ඔහු කියා සිටියා.

අද ( අප්‍රේයල් 16)  මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විජයදාස රාජපක්ෂට පිළිතුරු ලබා දී තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල කියා සිටියේ එවන් ආරාධනයක් තම පාර්ශවයෙන් කර නැති බවයි. ඉදිරි ජනාධිපතිවරණ ක්‍රියාමාර්ග පිළිබඳව තමන් තවමත් තීරණයකට පැමිණ නැති බව ඔහු ප්‍රකාශ කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...