ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි මරණ සංඛ්‍යාව 44 ක් ලෙස වාර්තා වෙලා තිබුණා . ගෙවී ගොස් තිබෙන මාස අට තුළ සිදුව ඇති අලි මරණ ප්‍රමාණය දෙසීයකට ආසන්නයි .මුල් මාස 7 තුළ අලි පහර දීම හේතුවෙන් පුද්ගල මරණ 56ක් වාර්තා වෙලා තියනවා . සිදුව ඇති අලි මරණවලින් බහුතරයක් සිදුවී තිබෙන්නේ සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත  පෙන්වා දෙනවා.

එම මරණ අතරින් වැඩි කොටසක් හක්කපටස්, අනවසර විදුලි වැට සහ අනාරක්ෂිත විදුලි රැහැන් වැනි හේතු සමඟ සම්බන්ධ වී ඇති බව ද වාර්තා  වෙනවා. විශේෂයෙන්ම හක්කපටස් භාවිතය හා විදුලි සැර වැදීම අලි මරණවලට ප්‍රධාන හේතු ලෙස  හඳුනා ගන්න පුළුවන්.

අලි මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ වියළි කලාපයේ අලි සංක්‍රමණික මාර්ග සහ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව  යම විශේෂත්වයක් වෙනවා. අලි  මිනිස් ගැටුම උග්‍රවන ප්‍රදේශ ලෙස පොළොන්නරුව, අනුරාධපුරය සහ ඒ ආශ්‍රිත කලාප හඳුනාගන්න පුළුවන්.

2025 වසර තුළ දිවයින පුරා අලි ඇතුන් 400කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා  වාර්තා වුණා .. මෑත කාලයේ වර්ෂයක් තුළ වැඩිම අලි මරණ වාර්තා වූ වසර ලෙස 2025 වසර හඳුනාගන්න පුළුවන් .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...