ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි මරණ සංඛ්‍යාව 44 ක් ලෙස වාර්තා වෙලා තිබුණා . ගෙවී ගොස් තිබෙන මාස අට තුළ සිදුව ඇති අලි මරණ ප්‍රමාණය දෙසීයකට ආසන්නයි .මුල් මාස 7 තුළ අලි පහර දීම හේතුවෙන් පුද්ගල මරණ 56ක් වාර්තා වෙලා තියනවා . සිදුව ඇති අලි මරණවලින් බහුතරයක් සිදුවී තිබෙන්නේ සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත  පෙන්වා දෙනවා.

එම මරණ අතරින් වැඩි කොටසක් හක්කපටස්, අනවසර විදුලි වැට සහ අනාරක්ෂිත විදුලි රැහැන් වැනි හේතු සමඟ සම්බන්ධ වී ඇති බව ද වාර්තා  වෙනවා. විශේෂයෙන්ම හක්කපටස් භාවිතය හා විදුලි සැර වැදීම අලි මරණවලට ප්‍රධාන හේතු ලෙස  හඳුනා ගන්න පුළුවන්.

අලි මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ වියළි කලාපයේ අලි සංක්‍රමණික මාර්ග සහ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව  යම විශේෂත්වයක් වෙනවා. අලි  මිනිස් ගැටුම උග්‍රවන ප්‍රදේශ ලෙස පොළොන්නරුව, අනුරාධපුරය සහ ඒ ආශ්‍රිත කලාප හඳුනාගන්න පුළුවන්.

2025 වසර තුළ දිවයින පුරා අලි ඇතුන් 400කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා  වාර්තා වුණා .. මෑත කාලයේ වර්ෂයක් තුළ වැඩිම අලි මරණ වාර්තා වූ වසර ලෙස 2025 වසර හඳුනාගන්න පුළුවන් .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...