Breaking News

ජනතාව මත බදු බර පැටවීම පාර්ලිමේන්තුව අනුමත කරයි

වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කළ නියෝගය වැඩි ඡන්ද 36 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 55 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 19ක් පමණක් හිමිව තිබුණි.

වැට් බදු සංශෝධනය නිසා සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවී තිබේ. මේවනවිට ජනතාවගෙන් බහුතරයක් තම මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව සිටියි.

මෙහි උපහාසාත්මක කාරණය වන්නේ ජනතාවගෙන් අයකරගන්නා බදු මෙසේ වැඩිවීම පාර්ලිමේන්තුව අනුමත කරන විට විශාල සමාගම් ගෙවීමට ඇති බදු සහ පැහැර හැර ඇති බදු අයකර ගැනීම කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වීමයි. මේවනවිට ගෙවීම පැහැර හැර ඇති බදු රුපියල් බිලියන 1000ට ආසන්න බව මෑතකදී ද පාර්ලිමේන්තුවේ හෙළි කෙරුණි. ඒ අතර අද දිනයේ වාර්තා වූවේ අර්ජුන් ඇලෝසියස් පැහැර හැර ඇති බදු ගෙවන ලෙස අධිකරණ නියෝගයක් පවා නිකුත් කර තිබියදී ඔහු එය නොතකා හැර ඇති බවයි. ඊට අමතරව ආහාර ආනයන සමාගම් බී ලුණු සහ අර්තාපල් වැඩිමිලට විකිණීමෙන් ලබා ඇති ආදායම කෝටි 8000ක් බවද ඔවුන් වැඩිපුර ලැබූ ලාභය මත බදු අයකර නොමැති බවද පාර්ලිමේන්තුවේදී හෙළිව තිබුණි.

leave a reply