ජනතාව මත බදු බර පැටවීම පාර්ලිමේන්තුව අනුමත කරයි

වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කළ නියෝගය වැඩි ඡන්ද 36 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 55 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 19ක් පමණක් හිමිව තිබුණි.

වැට් බදු සංශෝධනය නිසා සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවී තිබේ. මේවනවිට ජනතාවගෙන් බහුතරයක් තම මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව සිටියි.

මෙහි උපහාසාත්මක කාරණය වන්නේ ජනතාවගෙන් අයකරගන්නා බදු මෙසේ වැඩිවීම පාර්ලිමේන්තුව අනුමත කරන විට විශාල සමාගම් ගෙවීමට ඇති බදු සහ පැහැර හැර ඇති බදු අයකර ගැනීම කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වීමයි. මේවනවිට ගෙවීම පැහැර හැර ඇති බදු රුපියල් බිලියන 1000ට ආසන්න බව මෑතකදී ද පාර්ලිමේන්තුවේ හෙළි කෙරුණි. ඒ අතර අද දිනයේ වාර්තා වූවේ අර්ජුන් ඇලෝසියස් පැහැර හැර ඇති බදු ගෙවන ලෙස අධිකරණ නියෝගයක් පවා නිකුත් කර තිබියදී ඔහු එය නොතකා හැර ඇති බවයි. ඊට අමතරව ආහාර ආනයන සමාගම් බී ලුණු සහ අර්තාපල් වැඩිමිලට විකිණීමෙන් ලබා ඇති ආදායම කෝටි 8000ක් බවද ඔවුන් වැඩිපුර ලැබූ ලාභය මත බදු අයකර නොමැති බවද පාර්ලිමේන්තුවේදී හෙළිව තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...