Breaking News

පොලිස් ඇමති ඔන්ලයින් පනතින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බවට බොරු කියලා

පසුගිය දා සම්මත කර ගන්නා ලද ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා, පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කිසියම් දේශපාලනඥයෙකුගෙන් මුදල් ලබා ගනිමින්, තමන් ඇතුළු පිරිසට මඩ ගැසීම් සිදු කළ පුද්ගලයෙකු සී.අයි.ඩීය මගින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා පානදුරේ පැවති මහජන රැස්වීමක් අමතමින් කියා සිටියා.

නමුත්, එසේ අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පිළිබදව වැඩිදුර විස්තර ප්‍රකාශ කිරීම අමාත්‍යවරයා ඒ මොහොතේ ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේවෙතත්, ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පලවන වාර්තාව සත්‍යයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබෙනවා.

සමාජ මාධ්‍ය භාවිතා කරමින් එකිනෙකාට අපහාස කිරීමට කටයුතු කරන පුද්ගලයකු ලක්ෂ හතරකට අධික මුදලක් ද සමග පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වු බවත් ඩොලර් වලින් එම මුදල් ලබා දුන්නේ දේශපාලනඥයකු බව ඔහු පොලිසියට කී බව ඇමැතිවරයා සඳහන් කර තිබුණි.

අමාත්‍යවරයා පැවසුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ඉදිරිපත් කරන ලද්දේ සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් භාවිතා කරන පුද්ගලයන් පාලනයට බවත් ජාත්‍යන්තරයේ ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට මෙහෙයවන්නේ සමාජ මාධ්‍ය හරහා බවයි .

“රජයක් පෙරළීම සඳහා වුවත් සමාජමාධ්‍ය භාවිතා කළ හැකියි. ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වී, පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී, රට කඩා වැටීමයි. එම අරමුණින් කටයුතු කරන පිරිස් මේ පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කරනවා. මේ පනත ගැටලුවක් වන්නේ සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් හසුරුවන පිරිසට පමණයි.” ටිරාන් අලස් ඇමැතිවරයා තවදුරටත් පවසා තිබුණි.

පෙනෙන්නට තිබෙන ආකාරයට රටේ ජනතාව නොව බොරු පවසමින් සිටින්නේ මහජන ආරක්ෂක ඇමතිවරයායි. එසේනම් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ බොරු කියන ඇමතිවරයාට පියවර ගන්නේ මොන නීතිය යටතේද යන්න ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.

ඇමතිවරයා කරන ලද ප්‍රකාශය පහත දැක්වේ

leave a reply