ලංකාවේ ගුවන් තොටුපොළ 3ක් අදානිට දෙන්න සැරසෙයි

ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළුව දිවයිනේ ගුවන් තොටුපළ තුනක් අදානි සමූහ ව්‍යාපාරයට ලබාදීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශවය අතර ලබාදීමේ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර ඒ අතරට ගුවන්තොටුපොළ කළමනාකරණ කොන්ත්‍රාත්තු ද ඊට ඇතුළත් විය හැකි බවයි.

පිරිනමනු ලබන අනෙකුත් ගුවන් තොටුපළ වන්නේ කොළඹ රත්මලාන ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළයි.

මුම්බායි හි පැවැත්වෙන OTM සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වී සිටින හරින් ප්‍රනාන්දු පවසා ඇත්තේ ගුවන්තොටුපල කළමනාකරණය සඳහා Adani සමූහය සමඟ වැඩ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...