පාස්කු ප්‍රහාරයට කලින් හතර වතාවක් තොරතුරු ලැබිලා

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවීමට කලින් අවස්ථා හතරකදී පාස්කු ඉරු දින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබූ බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී ඇතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.

එම තොරතුරුවලට අනුව බුද්ධි අංශ නිලධාරීන් හරි විදිහට කටයුතු කළා ද නැද්ද යන්න පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී තිබෙන බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව 2019/04,18,20,21 යන දිනවලදී මෙම දැනුම් දීම කර ඇති බව ද රාජ්‍ය බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් මෙම සිද්ධි පිළිබඳ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න දැනුවත් කර ඇති බවට ද මෙහිදී කරුණු හෙළිවි තිබෙනවා.

පසුගිය 2019 වසරේ අප්‍රේල් 16 දින කාලංකුඩා ප්‍රදේශයේදී යතුරුපැදියක් පුපුරවා හැරීම මින් එක් සිද්ධියක් වන අතර පාස්කු ප්‍රහාරය අත්හදා බැලීමක් ලෙස එම පිපිරවීම සිදුකර ඇති බව ද සහරාන් ගනුදෙනු කරන විදේශ ජාලය සම්බන්ධයෙන් ද බුද්ධි අංශ දැනුවත් කර ඇති බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කීයා සිටියා.

මෙම කටයුතු මෙසේ කර තිබියදී මේ සම්බන්ධයෙන් වගකීම් ඉටු කර නැති පිරිස පිළිබඳ මේ වෙනුවෙන් පත් කළ කමිටු වාර්තා වේ සඳහන් වී ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

නමුත් මේ පිළිතුර පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බව අප්පුහාමි මන්ත්‍රිවරයා පැවසු අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ඉදිරි දිනකදී පිළිතුරු දෙනු ඇති බව මෙහිදී සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...