මන්ත්‍රීවරු විදුලියට මිලියන 16ක් පොලු තියද්දි සොච්චමක් නොගෙවූ ජනතාවගේ විදුලිය කපලා

මේවනවිට ලක්ෂ 05ක පමණ පිරිසකගේ බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී ද අනාවරණය වුණා. තවත් ලක්ෂ 05ට පමණ රතු නිවේදන යවා ඇති බව මෙහිදී පැවසුණි.

මේ අතර අද පුවත්පත් වාර්තා කර ඇත්තේ 2022 අවසන් වන විටත් පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ නිවෙස්වලට ලබාදී තිබූ විදුලි සම්බන්ධතා 74කට අදාළ රුපියල් මිලියන 16ක් නැවත අයකරගෙන නැති බවයි.

2022 වාර්ෂික විගණකාධිපති වාර්තාව මගින් සිදු කරන ලද අහඹු පරීක්ෂණයට අනුව මෙම තොරතුරු අනාවරණය විය.

වාර්තාවට අනුව එයින් සම්බන්ධතා 29 කට අදාළ රුපියල් මිලියන 5 ක් වසර හයකට වැඩි කාලයක් නොගෙවා තිබේ.

මේ අතර තවත් සම්බන්ධතා 30ට අදාළ රුපියල් මිලියන 3ක් වසරකට වැඩි කාලයක් අයකර නොගෙන ඉතිරිව තිබුණි.

සාමන්‍ය ජනතාවගේ විදුලි බිල රුපියල් 3000 ඉක්මවූ විට විදුලිය විසන්ධි කිරීමේ සිදුවීම් බහුල ලෙස වාර්තා වේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන ගණන් පොලු තැබීමේ වරප්‍රසාද හිමිව ඇත. වෙන එකක් තබා එම මන්ත්‍රීවරුන් කවුද යන්න පවා හෙළි නොකෙරේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...