ලක්ෂ අටකගේ විදුලිය කපලා – ලක්ෂ 12ට රතු බිල් යවලා

කලට වේලාවට විදුලි බිල් නොගෙවීමේ හේතුව මත මේ වසරේ මේ දක්වා දිවයින පුරා පවුල් ලක්ෂ අටකට ආසන්න පිරිසකගේ විදුලිය සැපයුම විසන්ධි කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව විදුලිය බිල කලට වේලාවට නොගෙවීමේ හේතුව මත රටපුරා තවත් පවුල්( නිවාස)ලක්ෂ 12කට පමණ රතුබිල් යවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විදුලිය ගාස්තු මේ වසරේ අවස්ථා දෙකකදී ඉහළ යෑමත් සමග බොහෝ අයගේ විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ ගියේය. බොහෝ පිරිස්වලට සිය ආර්ථික තත්වය අනුව විදුලි බිල් ගෙවීමට නොහැකිව ඇත්තේ මේ නිසා බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

විදුලි බිල් ගෙවීමට නොහැකිවූ පිරිසේ වැඩි දෙනෙක් මධ්‍යම පංතිකයෝ වෙති.

සමහරුන් විදුලි බිල ගෙවා දැමීම සඳහා කණකර ආභරණ උකස් කිරීම හා ණය ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවී සිටින බවද වාර්තා වේ.

විදුලිය බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් එක් ලක්ෂ විසි දහසක් පමණ පසුගිය අගෝස්තු මාසයේදී සිදුකර ඇත.

විදුලිය බිල් නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බව විදුලිබල මණ්ඩල ප්‍රධානීහු පෙන්වා දෙති.

විදුලිය සැපයුම විසන්ධි කෙරෙන අවස්ථාවලදී යළිත් සැපයුම ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට වැය කෙරෙන කාලයද වෙනත් කාලවලට කාල වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි එම නිලධාරීහු සඳහන් කරති.

මේ අතර විදුලිය විසන්ධි කෙරුණු නිවෙස්වලට යළි විදුලිය සැපයුමදෙන අවස්ථාවේදී අය කෙරෙන මූලික ගාස්තුවවූ රුපියල් තුන් දහසේ මුදල රුපියල් දෙදහසක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිය විසන්ධි විසන්ධි කෙරෙන අවස්ථාවලදී නැවත සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා හිඟ මුදල වාරික වශයෙන් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනතාව රජයෙන් ඉල්ලීමක් කරති.

මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවකට වැඩිය.

(ලංකාදීප)

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...