එක්ස්ප්‍රස් පර්ල් නඩුව පවත්වාගෙන යාමට අවසර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව ලක් රජය පැවරූ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට සිංගප්පූරු අධිකරණය අවසරදී තිබෙනවා.

ඒ අනුව, ලබන ජනවාරි 29 වැනිදා එම නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය හමුවේ කැඳවනු ලබනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට පෙර ලක් රජය වෙනුවෙන් සවිස්තරාත්මක පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කළ යුතු බවයි.

ඊට අදාළ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, නඩුවට අදාළව නැව් සමාගම විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම අවසරය ලබාදුන් බවයි.

නෞකාවේ ගින්නෙන් හා එය මුහුදුබත් වීමෙන් මෙරට සාගර පරිසර පද්ධතියට වූ හානිය සඳහා වන්දි අයකර ගැනීමට මෙම නඩුව පවරා තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...