Breaking News

එක්ස්ප්‍රස් පර්ල් නඩුව පවත්වාගෙන යාමට අවසර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව ලක් රජය පැවරූ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට සිංගප්පූරු අධිකරණය අවසරදී තිබෙනවා.

ඒ අනුව, ලබන ජනවාරි 29 වැනිදා එම නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය හමුවේ කැඳවනු ලබනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට පෙර ලක් රජය වෙනුවෙන් සවිස්තරාත්මක පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කළ යුතු බවයි.

ඊට අදාළ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, නඩුවට අදාළව නැව් සමාගම විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම අවසරය ලබාදුන් බවයි.

නෞකාවේ ගින්නෙන් හා එය මුහුදුබත් වීමෙන් මෙරට සාගර පරිසර පද්ධතියට වූ හානිය සඳහා වන්දි අයකර ගැනීමට මෙම නඩුව පවරා තිබෙනවා.

leave a reply