IMF ණය පළමු සමාලෝචනයටත් කලින් උද්ධමනය ඉහළට?

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීමට නියමිත විස්තීරණය ණය පහසුකමේ දෙවන වාරිකය ලබාදීම ගැන කතා බහක් සිදුවෙමින් පවතියි. මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 1.5% සිට 2023 නොවැම්බර් මාසයේදී 3.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ පැවති -5.2% සිට 2023 නොවැම්බර් මාසයේ දී -3.6%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 ඔක්තෝබර් මාසයේ දී 4.9% ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී 6.8% ක් දක්වා වැඩිවී තිබූ බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer පවසා සිටින්නේ, බාහිර ණයහිමි රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය, මෙරටට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගයට ඉඩ සලසන බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ නිල කමිටුවේ එකඟතාව සහ චීනය සිය අපනයන – ආනයන බැංකුව හරහා නිකුක් කර ඇති එකඟතා සලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සිවු අවුරුදු විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයෙන් පසු දෙවන ණය වාරිකය නිදහස් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් ණය මුදලේ දෙවන වාරිකය ලබාදීමටත් පෙර උද්ධමනය ඉහළ නැග තිබීම විශේෂත්වයක්.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...