විදුලි බල පනත සම්මත වෙන්නත් කළින් විකිණීමට අදාළ සැලසුම් හදයි

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට ආණ්ඩුවට තිබෙන්නේ පුදුම තදියමකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නව පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් පෙර විදුලි මණ්ඩලය විකිණීම වෙනුවෙන් වැඩ ආරම්භ කර තිබේ.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙක් වන ඩබාසිස් මහපත්‍රා මහතා ද මෙම වැඩසටහනට සහය දැක්වීමට පත්කර ඇති බව ද අමාත්‍යවරයා පවසා ඇත.

නව විදුලිබල පනත ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මන්ඩලය අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනය වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව ද කාංචන විජේසේකර පවසා ඇත.

නව විදුලි බල පනත සම්මත වීම හරහා විදුලි බිල තවත් වැඩිවිය හැකි බව සහ අපේ රටේ බලශක්ති ස්වාධිපත්‍ය අහිමිවෙනු ඇති බවට විවිධ පාර්ශව වසින් අනතුරු අඟවා තිබේ. මෙය විකිණිමට යන්නේ ඉන්දියානු සමාගමකටයි. පෙනෙන්නට තිබෙන කාරණයක් වන්නේ මිලදී ගැනීමට අමතරව විකිනීමට අදාළ සැලසුම් හැදීමට ද ආණ්ඩුව මැදිහත්වෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...