මෙය නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව දේශපාලන පළිගැනීමක්

වසන්ත මුදලිගේ ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දක්වන කාර්යක්ෂමතාවය  වරෙන්තු නිකුත් කර තිබෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොදක්වන්නේ මන්දැයි නීතිඥ නුවන් බෝපගේ   ප්‍රශ්න කර සිටිනවා .  කිසිදු දැනුම් දීමකින් තොරව අද දිනයේදී   වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට යැයි පවසා වසන්ත මුදලිගේ හිටපු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගන්නවා.  වසන්තට  එරෙහිව මේ වන විට ආණ්ඩුව විසින් නඩු විස්සකට වැඩි ප්‍රමාණයක් පනවා තිබෙනවා.  මේ නඩුවට අදාළව වසන්තයට පොලිසියේ පෙනී සිටීමට  දැනුම් දුන් කිසිදු අවස්ථාවක එය මගහැර නැති බව   ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ අද මාධ්‍යයට ප්‍රකාශ  කළා.  නමුත් අද දිනයේ දී වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව බවත්  මෙය ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමේ ස්වභාවයක්  වද ඔහු ප්‍රකාශ කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...