මෙය නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව දේශපාලන පළිගැනීමක්

වසන්ත මුදලිගේ ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දක්වන කාර්යක්ෂමතාවය  වරෙන්තු නිකුත් කර තිබෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොදක්වන්නේ මන්දැයි නීතිඥ නුවන් බෝපගේ   ප්‍රශ්න කර සිටිනවා .  කිසිදු දැනුම් දීමකින් තොරව අද දිනයේදී   වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට යැයි පවසා වසන්ත මුදලිගේ හිටපු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගන්නවා.  වසන්තට  එරෙහිව මේ වන විට ආණ්ඩුව විසින් නඩු විස්සකට වැඩි ප්‍රමාණයක් පනවා තිබෙනවා.  මේ නඩුවට අදාළව වසන්තයට පොලිසියේ පෙනී සිටීමට  දැනුම් දුන් කිසිදු අවස්ථාවක එය මගහැර නැති බව   ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ අද මාධ්‍යයට ප්‍රකාශ  කළා.  නමුත් අද දිනයේ දී වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව බවත්  මෙය ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමේ ස්වභාවයක්  වද ඔහු ප්‍රකාශ කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...