පසු ගිය සතියේ පලවූ ඡායාරූප දෙකක්

1983 ජූලි 24 වැනිදා ශ්රී ලංකාවේ සුළුතර දෙමළ ජනතාවට එරෙහිව ජාතිවාදී ජන සංහාරයක් සිදු විය. මෙම සංහාරය දින හතක් පුරා පැවති අතර, එහි ප්රතිඵලයක් ලෙස 3,000 කට ආසන්න දෙමළ ජනයා මිය ගිය අතර, දෙමළ ව්යාපාර 5,000 ක් පමණ විනාශ වූ අතර, ඒවා ගිනි තබා විනාශ කරන ලදී. මෙම සිදුවීම් දාමය තුළ දළ වශයෙන් 150,000 දෙමළ ජනතාවක් අවතැන් වූ අතර දෙමළ කාන්තාවන් 500ක් පමණ ලිංගික අතවරවලට ගොදුරු වූහ.
මෙම කුරිරු සිදුවීම් සංකේතවත් කරන චන්ද්රගුප්ත අමරසිංහ විසින් ඡායාරූප ගත කරන ඡායාරූපයක් පසු ගිය දසක කිහිපය පුරා සෑම වසරකම ජූලි මාසයේදී සමාජ කතා බහට ලක්ව දින කිහිපයකින් අතුරුදහන්ව යයි. ඇතැමුන් එම ඡායාරූපය සිටින කණ්නාඩි දැමූ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුනේ නායයෙකුයයි හඟවමින් පදනම් විරහිත අදහස් ප්රකාශ කරයි. එවන් අදහසක් ජායාරූපය ගත් චන්ද්රගුප්ත අමරසිංහ කවදාවත් ප්රකාශ කර නැත. එහෙත් මගේ අවධානය යොමු වන්නේ එම ඡායාරූපයේ සිටින පුද්ගලයා කවුරුද කියන එක නොව. එදා ඔවුන් විසින් නියෝජණය කල සමාජ මතවාදයේ හානිය දශක කිහිපයකට පසුත් නිවැරිදි කිරීමට සමාජයක් ලෙස අපට හැකි වීද යන්නය. සිංහල බෞද්ධ අධිපතිවාදය කර තබාගෙන යමින් වඩා යහපත් වූ සමාජයක් සහ රාජ්යයක් කරා යාමට නොහැකි බව තේරුම් ගැනීමට ලාංකික ජන සමාජයට තව පරම්පරා කීයක මිනී කඳු ගොඩ ගසන්නට සිදුවේදයි මෙහි පලවන අනෙක් ඡායාරූපය දෙස බලන විට මට සිතුනි.
ප.ස.
(මෙම පලවන චායාරූපය ගත් තැනැත්තා එවකට ඇත්ත පුවත් පතේ සේය කල චන්ද්රගුප්ත අමරසිංහ බව ගෞරවයෙන් සඳහන් කරන අතර දෙවන ඡායාරූපය ගත් ෆේස්බුක් වෙතින් උපුටා ගත් අතර මුල් හිමිකරු නොදනිමි )

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...