පසුගිය 20වනදා ඉන්දියාවේ දෙදින සංචාරයක් සඳහා පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන ලදී.
සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු වූ බව එම නිවේදනයේ සඳහන් විය.
මෙහිදී මූලික වශයෙන් දෙරට අතර ඇතිවූ එකඟතා ලෙස සඳහන් වූවේ,
ත්‍රිකුණාමලයට මොකද වෙන්නේ..?
ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ය.
සමුද්‍රීය සම්බන්ධතාවය
අන්‍යෝන්‍ය අවබෝධය පරිදි කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.
ගුවන් සම්බන්ධතාවය
යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මගින් දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ඇති අතර, එය කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීම.
ජනතාවට වැඩි ආර්ථික ප්රතිලාභ ලබා දීම සඳහා පලාලි ගුවන් තොටුපළේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගීතාව දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීම.
බලශක්ති සහ විදුලිබල සම්බන්ධතාවය
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ නිගමනයන්ට අනුව සුළං සහ සූර්ය බලය ඇතුළුව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති විභවයන් වර්ධනය වනු ඇති අතර එමඟින් 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ.
ශ්‍රී ලංකාව සහ BBIN (බංගලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) රටවල් ඇතුළු අනෙකුත් කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලිබල වෙළඳපොළ සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ විදුලිබල පිරිවැය අඩු කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා වටිනා සහ විශ්වාසනීය විදේශ විනිමය මූලාශ්‍රයක් නිර්මාණය කිරීමට උපකාර කිරීමටද එමගින් හැකියාව ඇත.
සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය තුළ පුනර්ජනනීය බලශක්ති මිශ්රණයන් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් නව්‍ය තාක්ෂණයන් භාවිතයෙන් හරිත හයිඩ්රජන් සහ හරිත ඇමෝනියා ගවේෂණය.
ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවය එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ දෙරටේ උත්සාහයේ පිළිබිඹුවක් වන අතර අන්‍යෝන්‍ය අවබෝධය මත කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීමට එකඟ විය.
ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් සැපයීම සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.
ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඛනිජ තෙල් ක්ෂේත්රය සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අක්වෙරළ ද්‍රෝණිවල හයිඩ්‍රොකාබන් නිෂ්පාදනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ඒකාබද්ධ ගවේෂණයක් සිදු කිරීම.
වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වැදගත්කම අවධාරණය කළ අතර ප්‍රතිපත්ති අනුකූලතාව, ව්‍යාපාර කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකාගේ ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට එකඟ විය.
ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රවල නිෂ්පාදන/ආර්ථික කලාපවල ඉන්දියාවෙන් කෙරෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීම
නව සහ ප්‍රමුඛතා ක්ෂේත්රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම;
දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.
ශීඝ්‍ර ඩිජිටල්කරණය ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ පාලනය යන දෙඅංශයේම සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස්කම් සඳහා වැදගත් බලවේගයක් වන අතර, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව සැපයීම සඳහා ප්රමුඛතාවයන් අනුව ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය.
පුද්ගල – පුද්ගල සම්බන්ධතාවය
සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා දඹදිව වන්දනා චාරිකාව සහ රාමායණ චාරිකාව මෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රචලිත කිරීම.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප (Skilled Campus) පිහිටුවීම ඇතුළුව දෙරටේ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ගවේෂණය කිරීම.
කෘෂිකර්මය, ජලජීවී වගාව, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර, මූල්‍ය සහ කළමනාකරණය, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව, පෘථිවි හා සමුද්‍ර විද්‍යාව, සාගර විද්‍යාව, අභ්‍යවකාශ යෙදුම් යන ක්ෂේත්රයන් මෙන්ම ඉතිහාසය, සංස්කෘතිය, භාෂා, සාහිත්‍යය, ආගමික අධ්‍යයන සහ අනෙකුත් මානව ශාස්ත්‍ර වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්රවල ද පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අන්තර් සහයෝගීතාව පුළුල් කිරීම.
ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙහි ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් වසර දහස් ගණනාවක් පැරණි සබඳතා ඉවහල් ඇත. එවැනි ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉදිරි කාලයේදී සිදුකරනු ලැබේ.
ඩොලර් බිලියන 3.9ක ණයේ හිල්ලව්වට ලංකාවේ උතුරු සහ නැගෙනහිර ඉන්දියාවට පවරන්න හදන්නේ – දුමින්ද නාගමුව
”ලංකාවේ අර්බුදය වෙලාවේ ඉන්දියාව පුදුම උනන්දුවකින් මැදිහත් වුණා. ඩොලර් බිලියන 3.9ක් දුන්නා ලොස් නැතුව ඉන්දියාව. ඒක දෙනකොටම අපි දන්නවා ඉන්දියාවේ මේ කුමන්ත්‍රණය, ආර්ථික කොල්ලය සඳහා සූදානම ඉන්දියාව කරනවා කියලා. අද ඉන්දියාව ඒකට සූදානම් වෙමින් ඉන්නවා. මේ ඉන්දියාව 1980 දශකයේ තිබුණු ඉන්දියාව නෙමෙයි. දේශපාලන සහ ආර්ථික වශයෙන් තියෙන්නේ වෙන තැනක. ඉදිරි කාර්තු කිපයය තුළ ආර්ථික අර්බුදයක් එන්න නියමිතයි කියලා ආර්ථික විශේෂඥයෝ කියනවා. විශේෂයෙන් එය එන්න නියමිතයි කියන්නේ බටහිර කේන්ද්‍ර කරගත් රටවල්වලට. නමුත් ආර්ථික විශේෂඥයෝ දැඩිව කියන කාරණයක් තමයි ඉන්දියානු ආර්ථිකයට බලපෑමක් වෙන්නෙ නෑ කියන එක. ඉදිරි අවුරුදු 10 ඇතුළත ඉන්දියානු ආර්ථිකය වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක තමයි ඔවුන්ගේ අදහස. මෙහිදී ප්‍රසාරණය වෙන්නේ ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය නෙමෙයි. අදානි, අම්බානිලා වගේ පොහොසතුන්ගේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ. ඒ ප්රාග්ධනයට අලුතෙන් බිම් හොයාගෙන යන්න, අලුතෙන් රටවල්වලට කඩා වදින්න අවශ්‍යයි. ඒ බිම් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය මත තමයි ලංකාව දැන් ස්ථානගත වෙන්න හදන්නේ. ”