නඩුවක් දාගන්න බැරි ආණ්ඩුව නෞකා අනතුරු ගැන හොයන්න කාරක සභාවක් පත්කරයි

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

අද (06) පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් මේ බව සඳහන් කළා.

මෙම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ නම් කර තිබෙනවා.

එහි අනෙක් සාමාජිකයින් වන්නේ,

ආචාර්ය සුරේන් රාගවන්
ඩයනා ගමගේ
මහාචාර්ය ජී.එල් පීරිස්
නීතිඥ රවුෆ් හකීම්
විජිත හේරත්
ආචාර්ය සරත් වීරසේකර
නිරෝෂන් පෙරේරා
අජිත් මාන්නප්පෙරුම
නිමල් ලාන්සා
තුෂාර ඉඳුනිල්
වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන
අකිල එල්ලාවල
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නීතිඥ මධුර විතානගේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා උපරිම වන්දි මුදලක් ලබාගැනීම වෙනුවෙන් නඩු පැවරීමේ කටයුතු නිසි පරිදි සිදුකිරීමට ආණ්ඩුව අසමත්ව සිටියි. දැනට තිබෙන තත්ත්වය අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාව අනුව ඉල්ලා ඇති වන්දි මුදල පවා ලැබේවිද යන සැකය ඇතිව තිබේ.

පසුගිය දිනවල මෙම වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය වෙනතකට යොමුකිරිම පිටුපස නැව අයිති සමාගමෙන් අල්ලස් ලබාගැනීමක් සිදුවන්නට ඇති බවට විරෝධයක් එල්ල විය. එම විරෝධය හමුවේ විජේදාස රාජපක්ෂ අල්ලස් ලබාගත් පැවසෙන යම්කිසි පුද්ගලයෙකුගේ නමක් සඳහන් කළද එවැනි පුද්ගලයෙකු නොමැති බව පසුව අනාවරණය විය.

දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර තිබේ. යම් ක්‍රියාමාර්ගයක් ගතහැකි කාලය ඉක්ම යනතුරු කිසිදු දෙයක් නොකළ ආණ්ඩුව විවිධ බොරු දේවල් කරමින් සිටින්නේ ජනතාවගෙන් නැගෙන විරෝධය යටපත් කිරීමට බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...