Breaking News

IMF මුදල් අරගෙන රනිල් ගහපු ගේමක් පිළිබඳ කසුකුසුවක්

රනිල් වික්‍රමසිංහ කලිසම චුට්ටක් උඩට උස්සගත්තේ, උස්සල ටිකක් තද කරගත්තෙ මාර්තු මාසේ මුල  IMF එක ලබා දෙනවා කියපු ණය ආධාර මුදලින් කොටසක් ලැබීම හේතුවෙනි.  ණය ලැබීමෙන් පසුව  ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින උදවිය රටක් රාජ්‍යයක් අත්පත් කරගත්තා ආකාරයෙන් තමයි හැසිරුනේ.  රනිල් තරම් බුද්ධිමතෙක් මේ ලෝකෙ නැති තරමටම  මාස් පඩියට රනිල්ට කහින න්‍යායාචාර්යවරුන් සහ  ආර්ථික විශ්ලේෂණ කබ්බන් මාධ්‍ය ඉදිරියේ දී  ස්වයං මෝහනයට ලක් ව රනිල් වර්ණනා කරනු අපි දැක්කා.

මේ ණය ආධාර ලැබී සති එකහමාරක් විතර ගිය තැන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍යයට ඇවිත් කිව්වේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය හරහා ලංකාවට ලැබුණු ණය වලින් ඩොලර් මිලියන 121 ක ණය වාරිකයක් ගෙවා දැමූ බවයි.   රංජිත් සියඹලාපිටිය කියපු මේ කතාව ජනතාව ගෙඩිය පිටින් ගිල ගත්තේ නැහැ. සැක සහිතව ඒක දෙස බැලුවා පමණක් නෙමෙයි  මේක ආණ්ඩුවෙ බොරුවක් ද කියන සැකය පවා  මෝදු කරගත්ත.

මැතිවරණය පවත්වන්න සතේ අතේ නැහැ කියමින් දේ වතාවක්ම මැතිවරණයට දින නියම කරලා තියෙද්දී ඒක කඩාකප්පල් කරපු රනිල් වික්‍රමසිංහ පහුගිය දවස් කීපය තුළ හැසිරුනේ නත්තල් සීයාගේ  චරිතයත් මට රඟපාන්න පුළුවන් කියන තාලයටයි. අහස උසට බඩු මිල නග්ගලා පෙනෙන නොපෙනෙන ගානට බඩු මිල බැස්සුවා. රුපියල් දාහකින් ගෑස් මිල බස්සල ගෑස් නිකන් දෙන ගානට කතා කළා.  මහ බැංකුවේ අධිපති  සංචිත ඉහළ ගිහින් කියලා පුරාජේරු කතා කියන්න පටන් ගත්තා.  හැබැයි අපි කවුරුත් දන්නවා දැන් මේ ආණ්ඩුව සෙල්ලං කරන්නේ ගෙවන්න තියෙන ණය වාරික නොගෙවා කියලා.  ඉතින් මහ බැංකුවේ අධිපති හිතන් ඉන්නේ ඔහු තමයි මාර උගතා රටේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ කියලා.  සංචිත වැඩි වී තිබෙන්නේ ණය ගෙවීම අත්හිටුවා තිබෙන පසුබිමක් යටතේ කියලා රටේ ජනතාව දන්නවා කියන එක මහ බැංකු අධිපති අමතක කරලා තියනවා.

IMF මුදල් අරගෙන රනිල් ගහපු ගේමක් පිළිබඳ කසුකුසුවක්

රනිල් මේ දවස් වල සෙල්ලං කරන්නේ රටේ ජනතාව ගොනාට අන්දලා IMF එකෙන් ලැබුණු මුදල් වලින් කොටසක් රුපියල් සමග මාරු කරල ගේමක් ගහාලා  කියලා දැන් පොඩි කට කතාවක් පැතිරිලා යනවා. ඒක බොරුවක් නෙමෙයි.  ඇත්තකුත් නෙමෙයි කියලා කියන්න පුළුවන්.  බලශක්තිය ඇමති කංචන මේ දවස් වල  ජීවිතය පරදුවට තියලා සටන් කරනවා රටේ ජනතාවට සහනදායි මිලට ඉන්ධන ලබා දෙන්න තවත් සමාගම් කීපයක් රට තුළට කැඳවන්න.  කාංචන කියන හැටියට රජය ඉන්ධන සැපයුමෙන් බෙදාහැරීමෙන් ඉවත් වී පෞද්ගලික අංශයට මේක භාර දුන්නම කාර්යක්ශම වෙලා මිල ගණන් පහළ බහිනවා. ඊට පසුව ඒකෙ වාසිය ජනතාවට ලැබෙනවා.  දැන් මේ ඉන්ධන බෙදාහැරීමේ කටයුත්තේ රජයට පිටින් ඉන්නේ ඉන්දියන් ඔයිල් සමාගම ioc  එක.

දැනගන්නට තිබෙන ආකාරයට IMF ණය ආධාර ලැබිච්ච ගමන් IOC එක රනිල් වික්‍රමසිංහගේ බෙල්ල මිරිකල තියෙනවා.  වසර එක හමාරකට ආසන්න කාලයක් මෙරට ඉන්ධන වෙළඳාමෙන් රුපියල් ලෙස ඉපයූ මුදල්  වහාම ඩොලර් වලට මාරු කර දෙන්න කියා .  එහෙම කරන්නට අපොහොසත් වේ නම් ඔවුන් අකුලගෙන ඉන්දියාවට යනවා කියලා.  ඉන්දියානු ණය ආධාර කොටසක් ගෙව්වා කියා රංජිත් සියඹලාපිටිය  මාධ්‍ය ඉස්සරහ කීවට  ආණ්ඩුව විසින් ඒ පිළිබඳ ලොකු සද්දයක් දැම්මෙ නැහැ.

IOC එක මොකක්ද කරලා තියෙන්නේ

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC ය  උපයා ගත් මුදල්   රනිල් හරහා ඩොලර් වලට මාරු කරගෙන  ඔවුන් ළඟ තිබුණු රුපියල් ආණ්ඩුවට ලබා දීලා. මේ ගනුදෙනුව හරහා ලබාගත් රුපියල් වලින් තමයි රනිල් වික්‍රමසිංහ නත්තල් සීයගේ චරිතය රඟපාමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි  අණ්ඩුව විසින් ගෙන යන ජන පීඩන ක්‍රියා පිළිවෙත හේතුවෙන් සැලකිය යුතු අප්‍රසාදයක් IMF  එක වෙතටත් යොමු වී තිබේ.  ජනතා ප්‍රසාදයක් නැති වංචනික කණ්ඩායමක් විසින් පත්කරගත් ජනාධිපතිවරයෙක්ට  ආධාර අනුබල දෙමින්  ජන පීඩන ආණ්ඩුවක් පවත්වාගෙන යෑම  සඳහා උදවු  ලබා දීම වෙනුවෙන් ද IMF එක වෙත අප්‍රසාදය පළ වී තිබේ.

මේ අප්‍රසාදය තනුක කිරීම සඳහා මෙන්ම ඊළඟ  ණය වාරිකය ලබා ගැනීමට අවශ්‍ය නම්  අගෝස්තු මාසය පමණ වන විට රනිල්ට පළාත්පාලන මැතිවරණයට යාමට සිදුවී තිබෙන බව දැනගන්න තියෙනවා. මේ බලපෑම  විවිධ පාර්ශව විසින් සිදු කරමින් තිබේ. ඒ හේතුවෙන්  ත්‍රස්ත පනත  අඩියක් පස්සට ගැනීමටත්  රනිල් කටයුතු කළේය. ඒ අතරම  ජනතාවගෙන් එල්ලවන විරෝධය තීව්‍ර වෙන පසුබිමක් තුළ සහ රනිල්ට  එල්ල  වී තිබෙන අප්‍රසාදය  මේ  රජයේ ස්ථාවර කිරීමට නොහැකි බව  ජාත්‍යන්තර සංවිධාන ගණනාවක්  පෙන්වා දී තිබෙනවා.

leave a reply