අප්‍රේල් කොවුලා සහ කන්ද උඩ උළමා

(අප්‍රේල් සැමරුම වෙනුවෙන්)

එරබුදු මල් කිනිත්තක්
උඩ අප්‍රේල් කොවුලා
ගීයක් ගයයි

ඒ ගීය කැඩී ස්වර
ස්වරාලය රිදුම් දෙයි
ඌ ගයන්නේ ගීතයක් නොව
පරාජිත රචනයකි දුක්බර

වසන්තයක සිහිනය
වෙඩි තබා සුණු විසුණු විය
ඒ අතීතය යලි නගා ගොඩ
ඉතිහාස ගීතයක් නොම විය

අප්‍රේල් කොවුලා නිදන රැය
කන්ද උඩ උළමා නඟන වලප
ඇහැරවා නිදි නැතිව
මගේ හඬමැයි සිතන

එකතු කළ කොවුල් නාදය
දෙදෙනා අතර වාදය

හඬට හඬ මුණ ගැසී
කඳු යායා රැව් දී
වසන්තේ විලාපය
සියවසට ලං වී

ගීතයක් වූ රචනයක්
විලාපය වූ ගීයක්
කොවුලා ද උළමා ද
අලුයමේ හිරු උදාවක

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...