අප්‍රේල් කොවුලා සහ කන්ද උඩ උළමා

(අප්‍රේල් සැමරුම වෙනුවෙන්)

එරබුදු මල් කිනිත්තක්
උඩ අප්‍රේල් කොවුලා
ගීයක් ගයයි

ඒ ගීය කැඩී ස්වර
ස්වරාලය රිදුම් දෙයි
ඌ ගයන්නේ ගීතයක් නොව
පරාජිත රචනයකි දුක්බර

වසන්තයක සිහිනය
වෙඩි තබා සුණු විසුණු විය
ඒ අතීතය යලි නගා ගොඩ
ඉතිහාස ගීතයක් නොම විය

අප්‍රේල් කොවුලා නිදන රැය
කන්ද උඩ උළමා නඟන වලප
ඇහැරවා නිදි නැතිව
මගේ හඬමැයි සිතන

එකතු කළ කොවුල් නාදය
දෙදෙනා අතර වාදය

හඬට හඬ මුණ ගැසී
කඳු යායා රැව් දී
වසන්තේ විලාපය
සියවසට ලං වී

ගීතයක් වූ රචනයක්
විලාපය වූ ගීයක්
කොවුලා ද උළමා ද
අලුයමේ හිරු උදාවක

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...